සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නූතන ඇමරිකානු ආර්ථිකයේ නිර්මාතෘ වශයෙන් සැලකෙන ඇලන් ග්‍රීන්ස්පෑන් වයස අවුරුදු 100දී මියගොස් තිබේ.
පාකින්සන් රෝගයේ සංකූලතා හේතුවෙන් ඇලන් ග්‍රීන්ස්පෑන් මිය ගොස් ඇති බවට පවුලේ ආරංචිමාර්ග ප්‍රකාශ කර ඇති අතර ඇලන් ග්‍රීන්ස්පන් 1926 මාර්තු 6 වන දින නිව්යෝර්ක් නගරයේ උපත ලැබීය.
වයස අවුරුදු 19 දී, ඔහු නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ශිෂ්‍යයෙකු ලෙස ඇතුළත් වූ අතර ග්‍රීන්ස්පන් දක්ෂ සංගීතඥයෙකු වූ අතර, ඔහු නිව්යෝර්ක්හි ප්‍රසිද්ධ ජුලියර්ඩ් සංගීත පාසලේ ක්ලැරිනට් වාදනය හැදෑරීය.
1987-2006 දක්වා කාලය තුළ ජනාධිපති ධුරයෙන් පසු දෙවන වැදගත්ම තනතුර ලෙස විස්තර කරන ලද ෆෙඩරල් සංචිතයේ සභාපති ධුරය හොබවන ලද ඇලන් ග්‍රීන්ස්පෑන් එක්සත් ජනපද ආර්ථික වර්ධනයේ දීර්ඝතම කාල පරිච්ඡේදයේ සභාපතිත්වය දැරීය.

1968 ජනාධිපති රිචඩ් නික්සන්ගේ ආර්ථික උපදේශක කවුන්සිලයේ ප්‍රධානියා බවට පත් වූ අතර එවකට උද්ධමනය පාලනය කිරීමට පෙරමුණ ගනු ලැබිය. 1987 අගෝස්තු මාසයේදී ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් ෆෙඩරල් සංචිතයට ප්‍රථම වරට නම් කරන ලද ග්‍රීන්ස්පෑන්, ඇමරිකාවේ රාජ්‍ය විශ්‍රාම වැටුප් ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ පරීක්ෂණයකට නායකත්වය ලබා දී ඇති අතර 1987 අගෝස්තු මාසයේදී, රේගන් ඔහුව එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ සභාපති ධුරයට උසස් කරන ලදී.
1987 ඔක්තෝබර් මාසයේ කොටස් වෙළඳපොළ කඩාවැටීමට එරෙහිව ආර්ථිකය දක්ෂ ලෙස හැසිරවීම ග්‍රීන්ස්පෑන්ට බොහෝ ප්‍රශංසා ගෙන ආවේය.

අනතුරුව ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ග්‍රීන්ස්පෑන් ෆෙඩරල් සංචිතයේ සභාපති ලෙස නැවත නම් කරන ලදී. 2006 දී, පෙර නොවූ විරූ වාර පහක ධුර කාලයකින් පසු ග්‍රීන්ස්පන් ෆෙඩරල් සංචිතයේ සභාපති ධුරයෙන් ඉවත් විය.
ඔහුගේ අසාමාන්‍ය වෘත්තීය ජීවිතය තුළ, වොෂින්ටනයේදී ඔහුට ජනාධිපති නිදහස් පදක්කම සහ දෙවන එලිසබෙත් රැජින විසින් ගෞරවනීය නයිට් පදවිය පිරිනමා ඇත.


