*
Friday, May 17, 2024
spot_img

Latest Posts

රත්නපුරේ මෝඩ පාළමෙන් දෙපස ක්‍රීඩාව බුද්ධිමත්ව මෙහෙයවිය හැකි ක්‍රීඩා පිටි දෙකක්

රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සීවලි ක්‍රිඩාංගණය ළඟින් වැටී තිබෙන මෙම පාළම බොහෝ දෙනෙක් හදුන්වන්නේ මෝඩ පාළම හැටියටයි.නගරයක් මැදින් වැටී ඇති මේ පාළමෙන් එතෙර විය හැක්කේ තීරෝද රථයකට පමණක් වන අතර ත්‍රීරෝද රථ දෙකකට පාළම මතදී මාරුවීම ද අතිශයින් දුෂ්කර වැඩකි.වෙනත් වාහනයක යන අයෙකුටනම් මේ දුර ගෙවන්නට තවත් කිලෝ මීටර් කිහිපයක දුරක් ගෙවිය යුතුය.

නමුත් මේ පාළමෙන් දෙපස ඇත්තේ මීටර් 400 ධාවන පථ දෙකකි.ක්‍රීඩා සංකීරණයක් ඉදි කරන්න අවශ්‍යය අයෙකුටනම් මේ කාරණය හොඳින් අවධානය යොමු කළ හැකි වැඩකි.සමහර දේශපාලනඥයන් මේ පාළමෙන් අනිත් පැත්තේ ඇති ක්‍රීඩා පිටියට අයත් යම් ඉඩම් කොටස් තමන්ගේ පෞදගලික පරිභෝජනයට යොදාගෙන ඇතත්,වැඩි දෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැත.

“මොනව හරි කිව්වම ඉතිං කරලා දෙනවනෙ”
ඒ කරලා දීමට උදව්වක් හැටියට ක්‍රීඩා භූමියට අයත් ඉඩම් අත්පත් කර ගැනීම ගැන රත්නපුර ක්‍රීඩාව මෙහෙයවන ප්‍රජාව වැඩිය කතා කරන්නේ නැත.තැන තැන කතා කළත් විරෝධයක් දක්වන්නේ නැත.කෙසේ හෝ ක්‍රීඩාව නඟා සිටුවිය හැකි අයෙක්ටනම් මේ දෙපස ඇති ක්‍රීඩා පිටි දෙක යා කරන මේ පාළමත් සමඟ රත්නපුර ක්‍රීඩා සංකීරණයක් තැනීම අපූරු වැඩකි.එහෙම සිතන අය නැති නිසා පාළමේ මෝඩකම සමඟ මෝඩ නම ඉතුරු වී ක්‍රීඩාව නැති වී යන ලකුණු පහළ වෙමින් ඇත.

පිටියෙන් දෙපස ඉඩ යොදා ගනිමින් ගෘහස්ත ක්‍රීඩාගාරයක්ද සහිතව මේ කාරණය යථාර්තයක් කළ හැකිනම් රත්නපුර ක්‍රීඩාංගණ දෙකේ පිහිටීම ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලක සියලුම තරග එක් නගරයක් කේන්ද්‍ර කරගෙන පැවත්විය හැකි තැනක් හැටියට රත්නපුර ගත හැකිය.ඒත් ඒවා ගැන කතා කරනවාට වඩා තමන් කරන දේ පරිමහ ගෙන කර දේශපාලන මිතුරන්ද රැකගෙන වැඩ කරන්නට රත්නපුර අය කැමතිය.නැතිනම් මේ සමඟ දැක්වෙන අනිත් ඡායාරූපයේ ඇත්තේ කඩිනමින් හෙට හදන තරමට හදිස්සිය පෙන්නා බිමට සමතලා කර දමන ලද විශාල ඉතිහාසයක් හිමි ක්‍රීඩාගාරය තිබුණ තැනය.තවම එහි කිසිවක් ඉදි වී නැත.බලධාරීන් එහි ඉදිකරන බවක් කී බවක්වත් මතක් කරන්නේද නැත.

රත්නපුර දේශපාලනය යමක් කරන්නේ බොහෝ විට එයින් ඊට වඩා තමන්ට ලාභයක් ලැබෙනවානම් ද යන්න බොහෝ දෙනෙක්ට සිතන්නට අවශ්‍යය මොහොත දැන් උදා වී ඇත.මේ මෝඩ පාළම,කඩා දැමූ ක්‍රීඩාගාරය යන්න ඒවාට සරල උදාහරණ පමණි.බුද්ධිමත්ව දේශපාලනය මෙහෙයවිය හැකි සටන්කාමී පුරවැසියන්ද රත්නපුරට ඕනෑ කර තිබේ.මේ මෝඩකම හෙට දවසේ ක්‍රීඩාංගණ දෙක යා කෙරෙන සංකීරණයක් බවට පත්වන්නේනම් අනතුරු අඩු ක්‍රීඩාවට සම්බන්ධ අයට ඒ මේ අත යා හැකි මාර්ගයකි.එසේම අද දරුවන් අසරණ කර තිබෙන (විශේෂයෙන් ක්‍රීඩිකාවන්) මේ අහිමි කර තිබෙන ක්‍රීඩාගාරය නැවත ඉදිකරවා ගැනීමත් නිහඬව සිට කළ නොහැකි වනු ඇත.


ක්‍රීඩාවෙන් රත්නපුරට බොහෝ දේ දිනා දෙන මිනිසුන් ඇත.එහෙත් එය ඊට වඩා පළල් ජයග්‍රහණ බවට පත් කර ගැනීමට පොළව සශ්‍රීක කර ගැනීම අත්‍යවශයය කාරණයකි.ඒ සඳහා පළල් කර ගත යුත්තේ හැඟීම්ය,උවමනාය,එකමුතුකම්ය.මහබඹාගේ අනන්‍යතාවයට විරුද්ධව සෘජුව එක අදහසක් දැරීමය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan