*
Friday, May 17, 2024
spot_img

Latest Posts

අමාත්‍යධූරයෙන් ඉවත්වෙන බවට ඉඟියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ , ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තවදුරටත් නොලැබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන බවයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

“මම මේ වෙලාවේ ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා..අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තිබෙනවා.”

“අනෙක් හේතුව මුදල්වල ප්‍රශ්නයකුත් මතුවෙලා තිබෙනවා.”

“මේ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්තම් ඒ ගැන මේ සභාවට මම දන්වනවා.”

“මොකද මම තීන්දු කරලා තිබෙනවා.. ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දරන්න මම බලාපොරොත්තුවෙන්නේ නැහැ.”

“මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක්. මොන හේතු කිව්වත් ඒ අඩුපාඩුවල වගකීම භාරගන්න වෙනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan