*
Friday, May 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/22

01. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජන මුදල් යොදවා ආරම්භ කරන ලද ව්‍යාපෘති 23ක් දැනට අත්හිටුවා ඇති බව පරිසර, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි: ආයතන අතර පවතින ගැටළු මත ව්‍යාපෘති 11ක් අතරමඟ අණහිට ඇති බව ද අනාවරණය කරයි.

02. ගොවීන් ඔවුන්ගේ ඉඩම්වලින් ඈත් කර ජනතාව පීඩාවට පත්කිරීමේ ‘දේශපාලන කුමන්ත්‍රණ’ ක්‍රියාත්මක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි: ජනතාව කුසගින්නෙන් පෙළෙන බවට ඇතැම් විපක්ෂ කණ්ඩායම් විසින් ප්‍රකාශ කළද ශ්‍රී ලංකාවේ කිසිවකු සාගින්නෙන් මිය ගොස් නොමැති බව පවසයි.

03. රු. ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ චෝදනාවකට අදාළව නුවර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් 2010 වසරේදී ගොනුකළ නඩුවකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට නුවර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරයි: තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී එකී මුදල වංචා කිරීමට හිටපු මන්ත්‍රීවරයා කටයුතු කළ බවට ගුරුවරියක විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය දියත් කර තිබේ.

04. මෙරට මානව හිමිකම් ආරක්ෂකයකු මෙන්ම නීතීඥයකු වන හිජාස් හිස්බුල්ලා ට එරෙහිව පවතින නඩු විභාගය පිළිබඳව ලොව ප්‍රමුඛ ජාත්‍යන්තර නීතීඥ සංගම් සහ මානව හිමිකම් සංවිධාන සිය දැඩි අවධානය යොමුකරයි: සාධාරණ නඩු විභාගයක් සඳහා ඔහු සතු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ කරුණු මතු කරයි: Lawyers for Lawyers, Bar Rights Committee, International Bar Association’s Human Rights Committee (IBAHRI), International Commission of Jurists (ICJ), Law Society of England and Wales, Lawyers’ Rights Watch Canada, International Federation of Human Rights (FIDH), සහ World Organisation Against Torture (OMCT) ආදී සංවිධාන මේ අතර වෙයි.

05. වීසා කාලය ඉක්මවා රැඳී සිටින විදේශිකයන්ට පැනවූ දඩ මුදල් අවම කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ: නව ගැසට් පත්‍රය මඟින් වීසා කාලයෙන් අනතුරුව දින 07 ක කාලයක් යනතුරු කිසිඳු දඩ මුදලක් නොගෙවා සිටීමට විදේශිකයන්ට හැකි අතර, එම කාලය අවසන් වූ පසු ඉදිරි දින 07 ක කාලය දක්වා දිනකට ඇ.ඩො. 250 ක දඩ මුදලක් ද, වීසා කාලය අවසන් වී දින 14 ගතවූ පසු ඇ.ඩො. 500 බැගින් වූ දඩයක් ද වීසා මුදලට අමතරව ගෙවීමට ඔවුනට සිදුවනු ඇත.

06. ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) අනුව ශීර්ෂ උද්ධමනය 2023 මැයිවල 22.1% ලෙස සටහන් වෙයි: 2023 අප්‍රේල්වල වාර්තා වූ 33.6% ට සාපේක්ෂව මෙය අඩුවීමකි: ආහාර උද්ධමනය අප්‍රේල්වල වාර්තා වූ 27.1% ට සාපේක්ෂව මැයිවල 15.8% දක්වා පහත වැටී ඇත: ආහාර නොවන උද්ධමනය අප්‍රේල්වල වාර්තා වූ 39.0%ට සාපේක්ෂව මැයිවල 27.6% දක්වා පහත වැටී ඇත.

07. තමා ‘දෙවියන්ගේ සාන්තුවරයකු’ යැයි හඳුන්වා ගන්නා පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු නැමැත්තා, දේශනාවක් අතරතුර තමා විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම වළක්වන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගනියි: මෙමඟින් නව පෙත්සමක් ගොනු කිරීම සඳහා තමා සතු අයිතිය ආරක්ෂාකර ගැනීමට ඔහු අපේක්ෂා කරන බව සඳහන්.

08. “නූතන සමාජයේ අවශ්‍යතාවලට” ගැළපෙන පරිදි දික්කසාද නීති සංශෝධනය කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි: විවාහයෙන් පරිභාහිරව සමරිසි සබඳතා පැවැත්වීම සහ ඒ ආශ්‍රිතව ලිංගික අල්ලස් ඉල්ලා සිටීම ආශ්‍රිත සිදුවීම් රාජ්‍ය අංශයෙන් වාර්තා වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කරුණු දක්වමින් ඔහු මේ බව පැවසුවේය: තම බිරිඳ හෝ ස්වාමිපුරුෂයා වෙනත් පුද්ගලයකු සමඟ සමරිසි සබඳතාවයක් පවත්වන බව දැනගත් විට ඒ වෙනුවෙන් දික්කසාදයක් ඉල්ලා සිටීම සඳහා ශ්‍රී ලංකාවේ නීතියක් නොමැති බැවින්, දික්කසාදය ආශ්‍රිත නීති වෙනස්කළ යුතුව ඇති බව අවධාරණය කරයි.

09. සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (ICCPR) අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස් නාඩා අල්-නෂිෆ් (Nada Al-Nashif) ශ්‍රී ලංකාවට දෝෂාරෝපණය කරයි: මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් පිළිබඳව විමර්ශනය කොට නඩු පැවරීමට විශ්වීය සහ බාහිර අධිකරණ බලයේ පිළිගත් මූලධර්ම භාවිතා කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.

10. මේ වසර අග දී ආරම්භ වීමට නියමිත 2023/2024 රග්බි තරඟාවලි සමය සඳහා ලංකා රග්බි සහ පාපන්දු සමාජයේ (CR & FC) රග්බි කණ්ඩායමට නායකත්වය දීමට හිටපු ජාතික සත් සාමාජික සහ XV ක්‍රීඩක සුහිරු ඇන්තනි සූදානමින්: ඇන්තනි 2012 – 2019 කාලය තුඝ ජාතික XV කණ්ඩායම නියෝජනය කළ අතර 2012 – 2017 කාලය තුළ සත් සාමාජික රග්බි තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan