සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):
එක්සත් රාජධානිය විසින් එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බව X පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.
එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන ආභියාචන කොමිසම” එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර ඇති අතර, එරට මහාධිකරණ විනිසුරුවෙකු ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයක් බව පැවසේ.