*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

බංග්ලාදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් මිලියන දෙකක ජනතාව අවතැන්

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 23,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සති කිහිපයක් පුරා බංග්ලාදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් නිසා ඊසානදිග බංග්ලාදේශයේ මිලියන 1.8 ක පමණ ජනතාවක් අවතැන්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වන Bangladesh Sangbad Sangstha (BSS) නිවේදනය කර තිබේ.

දීර්ඝ කාලීන ධාරානිපාත වර්ෂාව සහ ඉන්දීය දේශසීමාවේ ඉහළ කඳුකර ප්‍රදේශවලින් ජල ගලායාම හේතුවෙන් බංග්ලාදේශයේ ගංවතුර තත්වය තවත් අවධානම් වූ අතර සිල්හෙට් හි 964,000 ක පිරිසක් හා සුනම්ගන්ජ් හි 792,000 ක පමණ පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති අතර බලධාරීන් පැවසුවේ අවතැන් වූවන්ට උපකාර කිරීම සඳහා නිවාස 6,000 කට වැඩි ප්‍රමාණයක් පිහිටුවා ඇති බවයි.

අවතැන් වුවන් අතර හදිසි ආධාර අවශ්‍ය වූ ළමුන් 772,000 ක් සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) තහවුරු කර ඇති අතර බංග්ලාදේශයේ UNICEF නියෝජිත Sheldon Yett සඳහන් කර තිබුණේ, ජලය ඉහළ යන විට, ළමුන් වඩාත් අවදානමට ලක්විය හැකි අතර, දියේ ගිලීම, මන්දපෝෂණය, මාරාන්තික ජලයෙන් බෝවන රෝග, අවතැන් වීමේ කම්පනය සහ අධික ජනාකීර්ණ නිවාසවල ඇති විය හැකි අපයෝජනයන්ට මුහුණ දෙන බවයි.

දේශගුණික අර්බුද වලින් වඩාත්ම පිඩාවට පත් රටක් වන බංග්ලාදේශය මියන්මාරයේ වද හිංසා හේතුවෙන් පලා ආ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවේ මිලියනයක් පමණ ජනතාවට නවාතැන් සපයයි. බොහෝවිට ඔවුන් ජිවත් වන්නේ තද සුළං, වර්ෂාව සහ නායයෑම් වලට ගොදුරු විය හැකි කඳු බෑවුම්වල උණ බම්බු සහ ටාපෝලින් නවාතැන් වලය. ඒ අනුව, බංගලාදේශයේ ආපදා කළමනාකරණ සහ සහන අමාත්‍යාංශයට අනුව, ගංවතුර හේතුවෙන් කොක්ස් බසාර් අසල සරණාගත කඳවුරුවල අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 8,000 ක් පමණ පීඩාවට පත්ව ඇති අතර, නිවාස 1,000ක් පමණ විනාශ වී තිබේ.

මේ වන විට බංග්ලාදේශයේ මෝසම් සමය ආරම්භ වී ඇති අතර ඉදිරි මාස දෙක තුළ තවත් තද වැසි, නාය යෑම් සහ ගංවතුර ඇතිවීමේ අවධානමක් පවතින බවයි එරට කාලගුණ අංශය සඳහන් කර තිබුණේ,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan