ජනතාවට ආධාර කරන්න මූල්‍ය හැකියාවක් නැහැ.කරුණාකර ජාත්‍යන්තර සහය දෙන්න – තලෙයිබාන්වරු ඉල්ලයි

Date:

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතට බලපෑ රිච්ටර් මාපාංක 6.1ක ප්‍රබල භූ කම්පනයෙන් පසු තත්ත්වය කළමනාකරණය කර ගැනීමට එරට තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබේ.

මේ වන විට පුද්ගලයින් 1000කට වැඩි පිරිසකට මරු කැඳවූ තවත් 1500කට වැඩි පිරිසකට තුවාල සිදු කළ මෙම භූමි කම්පාව හේතුවෙන් සුන් බුන් වූ නිවාසවලට යටව තවදුරටත් මළ සිරුරු හමුවනු වනු ඇති බවටයි ඇෆ්ගන් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ වන විටත් විපතට පත්වූවන් වෙනුවෙන් ආහාර සහ තාවකාලික නවාතැන් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

මෙම භූමිකම්පාව Khost නගරයේ සිට කිලෝමීටර් 44 ක් (සැතපුම් 27 ක්) පමණ දුරින් ඇතිව තිබෙන බවත් පාකිස්ථානය සහ ඉන්දියාව දක්වා කම්පන දැනී ඇති බවත් දැක්වෙයි.

අධික වැසි තත්ත්වය සහ සම්පත් හිඟය හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙන අතර ඇෆ්ගනිස්තානයේ මානුෂීය හා ආර්ථික අර්බුදයකට මැදිව සිටින බව පවසන තලෙයිබාන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අබ්දුල් කහාර් බල්කි කියා ඇත්තේ රජයට “ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට ආධාර කිරීමට මූල්‍යමය හැකියාවක් නොමැති” බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ ව්‍යසනය සම්බන්ධයෙන් සිය බල ඇණි “සම්පූර්ණයෙන්ම බලමුලු ගන්වා ඇති” බවය.

සෞඛ්‍ය කණ්ඩායම්, වෛද්‍ය සැපයුම්, ආහාර සහ හදිසි නිවාස භූමිකම්පා කලාපය වෙත ගමන් කරමින් සිටි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් පවසා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...