සියවසකට පසු වෙනිසියුලාව සෙලවූ භූ කම්පන:මරණ 10,000 කව වඩා සිදුවිය හැකියි – USGS කියයි  

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට ඊයේ (24) බදාදා පස්වරුවේ  මිනිත්තුවක් ඇතුළත රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක ප්‍රබල භූමිකම්පා දෙකක් බලපෑ අතර එය සියවසකට වැඩි කාලයක් තුළ රටට බලපෑ විශාලතම භූමිකම්පාව ලෙස දැක්වෙයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ (USGS) දත්තවලට අනුව, ඊයේ රාත්‍රියේ වෙනිසියුලාවට බලපෑ භූමිකම්පා වලින් එකක් 1900 වසරෙන් පසු රට තුළ සිදු වූ ප්‍රබලතම භූමිකම්පාවයි.

1900 ඔක්තෝබර් 29 වන දින වෙනිසියුලාවේ වෙරළ ආසන්නයේ 7.7 ක විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබුණ අතර එය සැන් නාර්සිසෝ භූමිකම්පාව ලෙස හැඳින්වේ.

කෙසේවෙතත් සියවසක කාලයක් තුළ වෙනිසියුලාව ගමන් මඟ අනුව ඔවුන් අද රටක් ලෙස මුහුණ දී සිටින ආර්ථික අවපාතයන් හමුවේ හානි පූරණය සමඟ යළි ප්‍රකෘතිමත් වීම වෙනුවෙන් දැරිය යුතු ශක්තිය සිය දහස් ගුණයකින් වැඩි කරන්නට සිදුව තිබේ. අනෙක් පසින් ඇත්තේ එය කරන්නේ කෙසේද යන්නයි.

මෙම කාරණයත් සමඟ දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙය වෙනිසියුලාවේ වර්තමාන රාජ්‍ය පාලනය සහ වෙනිසියුලාවට ඇගිලි ගැසූ ඇමරිකානු රාජ්‍ය පාලනයේ ස්වභාවය පිළිබඳ වූ පැහැදිලි පරීක්ෂාවක් බවයි.

මෙම වසර මුලදී එක්සත් ජනපද හමුදා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු අන්තර්කාලීන රජයක් විසින් මෙහෙයවනු ලබන සහ වසර ගණනාවක අධි උද්ධමනයෙන් අඩපණ වූ ආර්ථිකයකට මුහුණ දෙන වෙනිසියුලාවට මෙය දුෂ්කර කඩඉමකි.

ජනාධිපති මදුරෝ අල්ලා ගැනීමෙන් පසු  එක්සත් ජනපදය රටේ අත්‍යවශ්‍ය තෙල් ආදායම පාලනය කිරීමත් සමඟ, වෙනිසියුලාවට දැන් සිදුව ඇත්තේ දුර බැහැරින් සිටින වොෂින්ටනයේ තීරණ මත  යැපීම බව ලෝක දේශපාලනය පිළිබඳ සංවේදී ඕනෑම අයෙක් දන්නා කරුණකි.

පසුගිය ජනවාරි මාසයේදී, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා තිබුණේ  වෙනිසියුලාව මධුරෝ පාලනය “දූෂණය සහ බද්ධ කිරීම” මගින් සංලක්ෂිත වී ඇති බවයි.

එතැන් සිට වෙනස් වී ඇති දේ පැහැදිලි නැති අතර  මෙවැනි මහා  පරිමාණයෙන් ව්‍යසනයකට මුහුණ දීමට වෙනිසියුලාව හොඳින් සන්නද්ධ වීමට ඉඩක් නොමැති බව නම් පැහැදිලිය.

වෙනිසියුලාවේ මොකද වුණේ?

වෙනිසියුලාවේ යාරකුයි ප්‍රාන්තයේ (Yaracuy state) අගනුවර වන සැන් ෆෙලිපේ අසල, ET වේලාවෙන් සවස 6:04 ට පසු රික්ටර් මාපකයේ 7.2 ක පූර්ව කම්පනයක් ඇති විය.

තත්පර 40 කට පසු, යාරකුයි ප්‍රාන්තයේම පිහිටි නගරයක් වන යුමාරේ සිට ගිනිකොන දෙසින් කිලෝමීටර් 23 ක් (සැතපුම් 14 ක් පමණ) දුරින්, රිච්ටර් මාපකයේ 7.5 ක දෙවන විශාල භූමිකම්පාවක් ඇති විය.

මෙම මහා විනාශයෙන් ජීවිත හානි වැඩිවීමට හේතුවක් ලෙස දක්වන්නේ ඊයේ (24) දිනය වෙනිසියුලානු වැසියන්ට රජයේ නිවාඩු දිනයක් වූ හෙයින් බොහෝ දෙනා නිවෙස්වල රැඳී සිටීමයි. ඊයේ දිනය  ස්පාඤ්ඤයෙන් නිදහස ලැබීමට මඟ පෑදූ 1821 වසරේ ඓතිහාසික ‘කරබෝබෝ යුද්ධයේ’  ජයග්‍රහණය සැමරෙන දිනයක් වූ හෙයින් එදින රජයේ නිවාඩු දිනයක් ලෙසයි දැක්වෙන්නේ.

මෙම භූ කම්පනය රට පුරා ප්‍රාන්තවලට මෙන්ම, අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් සිය ගණනක් දුරින් පිහිටි අසල්වැසි කොලොම්බියාවටද දැනී තිබීම මත එම විනාශයේ ප්‍රමාණය වටහාගත හැකිය.

භූ කම්පනය හේතුවෙන්  ගොඩනැගිලි දුසිම් ගණනක් කඩා වැටී ඇති අතර, වෙරළබඩ ලා ගුයිරා ප්‍රාන්තයට දැඩි ලෙස හානි සිදුවී තිබෙන බවත් එම ප්‍රදේශය  ආපදා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්  වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසා තිබුණි.

“දෙවියන් වහන්සේ ඉඩ දෙන තරම් ජීවිත බේරා ගැනීම සඳහා අපි දැනටමත  දුෂ්කර ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිමු. මෙය සැබවින්ම ඛේදවාචකයකි,” ඇය පවසා තිබුණේ එලෙසය.

පසු ප්‍රතිචාරය  කුමක්ද?

මුහුණ දුන් ඛේදවාචකය හමුවේ වෙනිසියුලාව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක් සහ රට නැවත ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 200 ක මූලික අරමුදලක් නිර්මාණය කර ඇති බව වැඩබලන ජනාධිපති රොඩ්‍රිගුස් පැවසීය.

හානිවලින් පසු කැරකස් අසල සයිමන් බොලිවර් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා ඇති බවත් රට පුරා පාසල් සතියකට අත්හිටුවන අතර, දුම්රිය සේවා සහ අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් ද තාවකාලිකව අවලංගු කර ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

එරට සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශයට අනුව, වෙනිසියුලාව පුරා ආරක්ෂක හමුදා යොදවා ඇත. බලධාරීන් විසින් හානියට පත් ව්‍යුහයන් තක්සේරු කරන බැවින් වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් ගොඩනැගිලි සඳහා සෘජු ගෑස් සැපයුම අත්හිටුවා තිබෙන බවයි වාර්තා කර ඇත්තේ.

ලොව පුරා රජයන් දැඩි බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සහාය වීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් යවමින් තිබෙන පසුබිමක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහාය පළ කිරීමෙන් පසු අද (24) අලුයම එක්සත් ජනපදයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් ලබා ගැනීමට වෙනිසියුලාව අපේක්ෂා කරන බවද  වැඩබලන ජනාධිපතිනිය පැවසුවාය. ඩොමිනිකන් ජනරජය, ප්‍රංශය, එල් සැල්වදෝරය, මෙක්සිකෝව සහ කටාර් යන රටවලින් තවත් කණ්ඩායම් යවමින් පවතින බවයි එම රටවල් නිවේදනය කර තිබුණේ.

 චීනය, බ්‍රසීලය සහ ඇතැම් කැරිබියානු ජාතීන් ඇතුළු අනෙකුත් රටවල් මානුෂීය ආධාර ලබා දී තිබේ.

පසුකම්පන 30ක්

රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන වෙනිසොලානා ඩි ටෙලිවිෂන් වෙත අදහස් දක්වමින් වැඩබලන ජනාධිපතිනි රොඩ්‍රිගස් පවසන්නේ භූමිකම්පා දෙකෙන් පසු පසුකම්පන 30ක් සිදුවී ඇති බවයි.

භූමිකම්පාවලින් මේ වන විට පුද්ගලයින් 164 දෙනෙකු මිය ගොස් ඇති අතර 971 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇය තහවුරු කරයි.

හානියට පත් යටිතල පහසුකම් සහ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 200 (£152m) අරමුදලක් නිර්මාණය කර ඇති බවද  රොඩ්‍රිගස් තවදුරටත් පවසයි.

තොරතුරු ලබාගැනීමේ බාධාව

අනතුරින් පසු සන්නිවේදන අංශ  බිඳ වැටීම හේතුවෙන් භූමියේ තොරතුරු කඩිනමින් ලබාගැනීමේ දැඩි බාධාවක් පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

පවතින එම තත්ත්වය මත තම ආදරණීයයන් සමඟ සම්බන්ධ වීමට නොහැකිව විදේශයන්හි ජීවත් වන මිලියන සංඛ්‍යාත වෙනිසියුලානු ජාතිකයින්ට විශාල ආතතියකට මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දී තිබෙන්නේ.

භුමිකම්පාවකදී සිදුවන්නේ කුමක්ද?

වෙනිසියුලාව ආසන්න ප්‍රබල  භූමිකම්පා දෙකකට මුහුණ දී ඇති අතර ඒ දෙකම ඉතා නොගැඹුරු වූ අතර, භූමියෙන් කිලෝමීටර 30 කටත් අඩු ගැඹුරකින් යුක්ත  බවයි දැක්වෙන්නේ.

භූමිකම්පාවක බලපෑම තීරණය කරන තීරණාත්මක සාධකයක් වන්නේ එය සිදු වූයේ පෘථිවි පෘෂ්ඨයේ සිට කොපමණ දුරකට පහළින්ද යන්නයි.

භූමිකම්පාවක් සිදුවන්නේ පෘථිවියේ කොටස් දෙකක් හදිසියේම එකිනෙකා හරහා ගමන් කරන විට වන අතර එමඟින් විශාල ශක්තියක් නිකුත් වේ. මෙම ශක්තිය මතුපිටට ළඟා වූ විට එය පොළොව සෙලවීමට හේතු වේ.

විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව එය මතුපිටට සමීප වන තරමට සෙලවීම සහ සිදුවිය හැකි හානිය වැඩි වේ.

හානිය පිළිබඳ පුරෝකථනය!

මෙම භූමිකම්පාවලින් පසු වෙනිසියුලාවේ ඉහළ ජීවිත හානි සහ පුළුල් දේපල හානියක් සිදුවිය හැකි බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

“ව්‍යසනය බොහෝ විට පුළුල් විය හැකිය” සහ ප්‍රබල කම්පන සහිත පසු කම්පන ඇති විය හැකි බව USGS පවසයි.

ඔවුන්ට අනුව අනුව මරණ 10,000 කට වඩා සිදුවීමට 44% ක අවස්ථාවක්ද  100,000 කට වඩා සිදුවීමට 30% ක අවස්ථාවක් තිබේ. තවද භූමියේ නායයෑම් සහ ද්‍රවීකරණය වීමේ සැලකිය යුතු අවදානමක් ද පවතින බව කියවෙයි.

ද්‍රවීකරණය යනු භූමිකම්පාවකදී ලිහිල් අවසාදිතයන්ට බලපාන සංසිද්ධියක් වන අතර එය පාර්ශ්වීය නායයෑමකට සමාන වේ.

පවතින තත්ත්වය අනුව වෙනිසියුලාව මුහුණ දුන් මෙම භූ කම්පනය වෙනිසියුලානුවන්ට පමණක් නොව ගෝලීය වශයෙන් මහත් කම්පනයක් ඇතිකර තිබේ. මෙලෙස ඇස් පනාපිට මියැදෙන්නේ දේශ සීමාවන්ගෙන් ඔබ්බට ගිය පෘතුවි වැසියන්ය. වසර ගණනාවක් පුරා ඔවුන් වෙහෙසකර ලෙස උපයාගත් දෑය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...

ඉන්ධන මිල වැඩි කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...