ඇමරිකානු විශේෂ දූත පිරිස පැමිණේ. පාර්ශ්ව රැසක් සමග සාකච්ඡාවට සූදානම්

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුදයේදී සහාය දියහැකි වඩාත් ඵලදායී ක්‍රම පිළිබඳ සොයාබැලීම සඳහා ඉහළ මට්ටමේ ඇමරිකානු විශේෂ දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන මෙම දූත පිරිස අද (26) අළුයම විශේෂ ගුවන්යානයකින් මෙරටට පැමිණි බව සඳහන්.

ආසියාව සඳහා වන ඇමරිකානු නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්‍රොට් මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය ද මෙම දූත පිරිසට ඇතුළත්ව සිටිති.

ජුලි 29 වනදා දක්වා මෙරට රැඳී සිටින මෙම දූත පිරිස මෙරට දේශපාලන නියෝජිතයින්. ආර්ථික විද්වතුන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...