තෙල් නැති නිසා හෙට සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල හදිසි සේවා පමණයි – GMOA

Date:

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රජය පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබාදීමට කටයුතු නොකිරීම නිසා අඟහරුවාදා (28) දිනයේ සිට කරාපිටිය රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හදිසි සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන අතර අනෙකුත් සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නම් කළ ඉන්ධන පිරවුම්හල් 4න් පසුගිය සිකුරාදා දිනයේදී සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් නොව අනෙකුත් සාමාන්‍ය රථවාහන සඳහා ද ඉන්ධන නිකුත් කිරීම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පැය 12 – 14 අතර කාලයක් පෝලිම්වල රැඳී සිටිමට සිදුවුණු අතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ සෞඛ්‍ය පරිපාලනයේ දුර්වල, අසංවිධිත මෙම වැඩපිළිවෙල නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් 20%කටවත් එදින ඉන්ධන ලබාගැනීමට නොහැකි වූ බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මේ තත්වය තුළ ඉන්ධන නොමැති වීම හේතුවෙන් සඳුදා සිට තම සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්වයට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පත්ව ඇති බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය ලෙබනනයට නව ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ...

දිට්වා සුළි කුණාටුවෙන් කර්මාන්ත 3,200 කට අධික සංඛ්‍යාවකට හානි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : කර්මාන්ත අමාත්‍යාංශය විසින්...

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...