තෙල් නැති නිසා හෙට සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල හදිසි සේවා පමණයි – GMOA

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රජය පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබාදීමට කටයුතු නොකිරීම නිසා අඟහරුවාදා (28) දිනයේ සිට කරාපිටිය රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හදිසි සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන අතර අනෙකුත් සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නම් කළ ඉන්ධන පිරවුම්හල් 4න් පසුගිය සිකුරාදා දිනයේදී සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් නොව අනෙකුත් සාමාන්‍ය රථවාහන සඳහා ද ඉන්ධන නිකුත් කිරීම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පැය 12 – 14 අතර කාලයක් පෝලිම්වල රැඳී සිටිමට සිදුවුණු අතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ සෞඛ්‍ය පරිපාලනයේ දුර්වල, අසංවිධිත මෙම වැඩපිළිවෙල නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් 20%කටවත් එදින ඉන්ධන ලබාගැනීමට නොහැකි වූ බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මේ තත්වය තුළ ඉන්ධන නොමැති වීම හේතුවෙන් සඳුදා සිට තම සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්වයට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පත්ව ඇති බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...