රාජ්‍ය ආදායම ගන්න හදන්නේ අසීමිත බදු ගහලා, රාජ්‍ය සම්පත් විකුණලා නම් එයින් ජනතාවට සාධාරණයක් වෙන්නේ නෑ – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික සම්පත් විකුණමින් රටේ ණය ගෙවීමට උත්සාහ කිරීම තුළින් රටේ ණය ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි එක පැත්තකින් සතුටු වෙනවා ණය ගෙවන්න යම්කිසි කාලයක් හම්බෙලා තියෙනවා. හැබැයි යම්කිසි කාලයක් පමණයි හම්බෙලා තියෙන්නෙ. අපි ඒ ණය ගෙවන්න ඕනෙ. ගිවිසුම අත්සන් කරපු අය නොගෙව්වත් මේ රටේ අනාගත දරු පරම්පරාව ඒක ගෙවන්න ඕනෙ. ඒ අනාගත දරු පරම්පරාව ඒක ගෙවන්න නම් මේ රටේ ග්‍රාමීය ආර්ථිකය අපි ශක්තිමත් කරන්න ඕනෙ. රටේ ජාතික සම්පත් විකුණමින් මේ ණය ගෙවීම තුළ මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා කියනවා නම් ඒක කවදාවත් සාර්ථක වෙන්නෙ නෑ. විකුණන්න හරි ජාතික සම්පතක් ගොඩනැඟුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒවා හදපු නිසා. වර්තමානයේ ඉන්න නායකයෝ ඒවා කුණු කොල්ලයට විකුණලා දාලා කෙටි කාලීනව වසරක දෙකක තමන්ගෙ දේශපාලන ගමන දිහා කල්පනා කරනවා නම් ප්‍රතිව්‍යුහගත කරපු ණය ගෙවන කාලය වෙනකොට මේ රට පාලනය කරන්නෙ කවුරු වුණත් ඒ අයට අඩුම ගාණෙ ආදායමක් තියා විකුණන්න දෙයක්වත් ඉතුරු වෙන්නෙ නෑ. රාජ්‍ය ආදායම උත්පාදනය කරන්නෙ සම්පත් විකිණීමෙන් පමණක් නම් අසීමිත විදියට අසාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් නම් ඒ තුළ මේ රටටවත් රටේ ජනතාවටවත් සාධාරණයක් වෙන්නෙ නෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව ආසන සම්මේලනය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...