ශ්‍රීලනිප සිරිපාල පිල – ලන්සා පිල නව සන්ධානයේ දෙවැනි රැලිය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය සහ නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායම එක්ව පිහිටුවා ඇති නව සන්ධානයේ දෙවැනි ජන රැලිය අද (29) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පස්වරු 02.00 ට වැල්ලවාය නගර මධ්‍යයේදී එම ජන රැලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

“දිනුම රටට – එක්ව පෙරට” මැයෙන් යුතුව පවත්වන මෙම රැලිය සංවිධානය කරන්නේ රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර විසිනි.

මෙම රැලියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මැති ඇමතිවරුන් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...