ශ්‍රීලනිප සිරිපාල පිල – ලන්සා පිල නව සන්ධානයේ දෙවැනි රැලිය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය සහ නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායම එක්ව පිහිටුවා ඇති නව සන්ධානයේ දෙවැනි ජන රැලිය අද (29) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පස්වරු 02.00 ට වැල්ලවාය නගර මධ්‍යයේදී එම ජන රැලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

“දිනුම රටට – එක්ව පෙරට” මැයෙන් යුතුව පවත්වන මෙම රැලිය සංවිධානය කරන්නේ රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර විසිනි.

මෙම රැලියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මැති ඇමතිවරුන් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...