පාස්පෝට් ඡායාරූප ගැටලුවට ඇමති ධම්මිකගේ පුද්ගලික මුදලින් විසඳුමක්

Date:

විදෙස් ගමන් බලපත්‍ර සඳහා අනුමත ඡායාරූප ශාලාවලින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ඡායාරූප උඩුගත කිරීමේදී යම් ගැටලුසහගත තත්වයක් පසුගිය සමයේ උද්ගත වී තිබිණි.

ඒ, උදෑසන 10.00 – දහවල් 01.00 අතර කාලසීමාවේදී විශාල වශයෙන් ඡායාරූප එවීම නිසා දත්ත පද්ධතිය කාර්යබහුල වීම හේතුවෙන් සර්වරය (server) ප්‍රමාණවත් නොවීමෙන් ඇතිවූ ගැටලුවයි.

අද (29) පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සොයාබැලීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා එහි ගොස් තිබුණු අතර ඒ මහතා මෙම ගැටලුව සම්බන්ධයෙන් තම අවධානය යොමුකර විසඳුමක් ලබාදී තිබිණි.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම තාක්ෂණික ගැටලුවට දිගු කාලීන විසඳුමක් සොයාගන්නා තෙක් ධම්මික පෙරේරා මහතා සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 9ක් වැයකර මෙම ඡායාරූප උඩුගත කිරීම සඳහා සර්වරයක් එම දෙපාර්තමේන්තුව කුලියට රැගෙන දී තිබේ.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...