හඟුරන්කෙත ඝාතනයට දිසානායකලා සම්බන්ධද ? – චෝදනාවලට පිළිතුරු

Date:

හඟුරන්කෙත සඳලු ඝාතනයට දිසානායකලාගේ පිරිස් සම්බන්ධ යැයි පලවූ anonymous ලිපියට පිලිතුරු !

තංගවේලු කියන්නෙ මියගිය සඳලුගෙ සීයා. ගැටුමට මුල් වූ LRC සතු ඉඩම දීර්ඝ කාලයක් භුක්ති වින්දේ (පදිංචි ඉඩම නෙවේ) ඔහු. අහිංසක මනුස්සයෙක්. අහිංසක පවුලක්. ඔහු ඉඩමට බලපත්‍රයක් (permit) හදාගෙන තිබුනා.

වසර 12කට පමණ පෙර හිටපු මධ්‍යම පලාත් ඇමති සාලිය, ඉඩම ලඟ පදිංචි කාන්තාවකට ඉන් කොටසක් දෙන්න කියල තංගවේලුගෙන් ඉල්ලල තිබුනා. මුලදි ඔහු කැමති නොවුනත් යම් මුදලකට ගනුදෙනුව කරන්න අවසානේ කැමති වෙලා. සාක්ෂියට දෙපාර්ශවයෙන්ම දෙන්නෙකුත් අත්සන් කරලා (රජයේ බලපත්‍ර ඉඩමක් මුදලට විකිණීම වලංගු නොවුනත් ලංකාවේ LRC ඉඩම් සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වෙන්නෙ ඔහොම කියන එක ප්‍රසිද්ධ රහසක්)

කාලය ගතවුනා. තංගවේලු මියගියා. 2013 දි සාලියත් මියගියා. අර කාන්තාව අදාල ඉඩමේ ගෙයක් හැදුවා.

ඒත් පෙරකී ඉඩම් ගනුදෙනුවට එකඟ නොවූ තංගවේලු දරුවෝ කාන්තාවට විරෝධය පෑවා. ඉඩමට නැවත අයිතිවාසිකම් කීවා. නිවස හිමි කාන්තාවත් ඇයගේ අයිතිය කීවා. මේ ගැටුම අදාල පාර්ශව 2 අතර මුදල් හුවමාරුවකින් හෝ අධිකරණයට ගිහිං විසඳගන්න 3වෙනි පාර්ශව උපදෙස් දුන්නත් සාර්ථක නොවූ නිසා ආරවුල තවත් ඇදුනා.

පහුගිය 19 තංගවේලු පාර්ශවය අදාල නිවසට යනවා. එහිදී කාන්තාවගේ ඥාතීන් පිරිසක් කල්තියා පැමිණ සිට ඔවුන්ට පහරදෙනවා. ඒ කණ්ඩායමේ එක සාමාජිකයෙක් පොහොට්ටුවේ හිටපු ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක්. සඳලු ඝාතනය වෙන්නෙ ඒ ගැටුමෙදි.

එබැවින් මෙම පහරදීමට හා ඝාතනයට අප පවුලේ හෝ අපගේ කණ්ඩායමක කිසිදු සම්බන්ධයක් නැති අතර එය අනෙක් පාර්ශවයේ ඥාතීන්ගේ ක්‍රියාවකි. ඔවුන් සම්බන්ධයෙන් අප පවුලේ කිසිවෙකුට වගකීමක් හෝ අදාලත්වයක් නැත. ඔවුන් ආරක්ෂා කිරීමට කිසිවෙකු මැදිහත්වී ද නැත (ප්‍රදේශයෙන් පලාගොස් සිටි අපරාධකරුවන් පිරිස මහනුවර පොලීසියට ඊයේ බාරවී තිබුනි)

සඳලු මල්ලි ඔබට නිවන් සුව !

~ ශ්‍රීනාත් දිසානායක

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...