කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණි ජනපති රනිල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 29, කොළඹ (LNW):

අද (29) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලු බව වාර්තා වේ.

කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වේ.

පල්ලිය හා අවට පරිශ්‍රය තුළ එක් රැස් වන ජලය වෙල දක්වා ගෙන යාම සඳහා කාණු පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස දීර්ඝකාලීන ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 06ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබෙන බව සඳහන් වේ.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 02ක් ලබාදීමට අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන පූජකතුමා වන ලලිත් එක්ස්පෙඩිටස් පියතුමා වෙත භාර දුන් බවද පැවසේ .

එමෙන්ම මීගමුව මාර්ගයේ සිට සිද්ධස්ථානය දක්වා පැමිණෙන මාර්ගය ඉතා අබලන්ව තිබෙන අතර එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව එම අවස්ථාවේම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිවරයා අදාළ මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස දැනුම් දුන් බවද පැවසේ .

එසේම මීගමුව කලාපයේ කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු පිළිබඳව ද මෙහිදී පියතුමන්ලා සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා කතෝලික පාසල්වල මතුව ඇති ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කර ඇත.

මේ අතර සති අන්තයේ සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය වෙත පැමිණ සිටි කතෝලික ජනතාව අතරට ද ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...