ධම්මික උතුරේ දැවැන්ත රැස්වීමක. දහ දහසකගේ සහභාගීත්වයෙන් මිලියන 4,000ක සහතික ප්‍රදානෝත්සවය ඇරඹේ ! (LIVE)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ අනුව, යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී අද පෙරවරු 08.30 සිට ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානෝත්සවය සිදු කෙරේ. මීට යාපනය දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛා පිහිටුවීම සඳහා විශාල දායකත්වයක් ලබාදෙන “මයි ඩ්‍රීම් ඇකඩමි” ආයතනයේ නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ද එක්ව සිටී.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. යාපනය දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛා 09 ක සිසු සිසුවියන් මෙම පාඨමාලාවේ සම්පූර්ණ කර ඇති අදියරයන් අනුව අද (30) පිරිනැමීමට නියමිත සහතිකපත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 කි.

මෙම උත්සවය සඳහා සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු 10,000 ක පමණ පිරිසක් සහභාගී වී සිටිති.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...