උතුරු නයිජීරියාවේ බෝම්බ පිපිරීම්වලින් 18 ක් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

උතුරු නයිජීරියාවේ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ පිපිරීම් මාලාවකින් මෙලෙස පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.

ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ග්වෝසා නගරයේ විවාහ මංගල්‍යයකට, අවමංගල්‍යයකට හා රෝහලකට ප්‍රහාර එල්ල කළ බවයි. මිලියන දෙකකට අධික ජනතාවක් අවතැන් කළ 40,000කට වැඩි පිරිසක් ඝාතනය කළ බොකෝ හරාම් සටන්කාමීන්ගේ වසර 15ක කැරැල්ලේ කේන්ද්‍රස්ථානය වූයේ ද බෝර්නෝ ප්‍රාන්තයයි.

බොකෝ හරාම් සංවිධානය 2014 වසරේ දී බෝර්නෝ ප්‍රාන්තයේ චිබොක් නගරයේ පාසල් සිසුවියන් 270කට අධික පිරිසක් පැහැරගෙන යාමත් සමඟ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වුණා.

බලධාරීන් පැවසුවේ මියගිය පිරිස් අතර, ළමයින්, වැඩිහිටියන් හා ගර්භනී කාන්තාවන් ද සිටින බවයි. මේ වන විට එරට හමුදාව රටපුරා ඇඳිරි නීතිය පනවා තිබෙන අතර, වෙතත් ප්‍රහාරවල වගකීම කිසිවකු මෙතෙක් භාරගෙන නොමැති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...