*
Tuesday, July 2, 2024
spot_img

Latest Posts

ඊලොන් මස්ක්ගේ ඊළඟ මෙහෙයුම!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

වසර 20කට වැඩි කාලයක් පුරා විද්‍යාත්මක පර්යේෂණ රැසකට දායකත්වය සපයන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවා කාලය අවසන් වූ විට එය ආරක්ෂිතව ඉවත්කර දැමීමේ සැලසුම නාසා ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙන අතර, එම ඊලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමට අයත් යානයකයක් භාරදූර මෙහෙයුම සඳහා යොදාගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ සහ අභ්‍යවකාශ පරිසර යටතේ අත්හදා බැලීම් සිදුකිරීමේ අරමුණින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටුවීමේ කටයුතු පළමුව ආරම්භ වූයේ 1998 වසරේදීය.

ඒ අමෙරිකානු, රුසියානු, ජපාන, යුරෝපා සංගම් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිවල එකමුතුවෙනි.එම මධ්‍යස්ථානය ඉදිකෙරුණේ එවක අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ දැවැන්තයා වූ සෝවියට් සමූහාණ්ඩුවට අයත් මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිදුකළ මාදිලියේ පර්යේෂණ සිදුකිරීමේ අරමුණ සහිතව ය.2000 වසරේදී මෙහෙයුම් ආරම්භ කෙරුණු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අමෙරිකානු සහ රුසියානු ලෙස අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සහායෙන් පර්යේෂණ 3,300කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති අතර ඒ වෙත විද්‍යාත්මක සහ වාණිජ චාරිකා සිය ගණනක් සිදුකර තිබේ.

පෘථිවියට කිලෝ මිටර් 400ක් ඉහළින් එනම් පෘථිවියේ සිට මිනිත්තු 90ක් තරම් දුරකින් පිහිටුවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය, විද්‍යාවේ උන්නතිය සඳහා අඛණ්ඩව වසර 24ක කාලයක් සිය දායකත්වය සැපයීය.2030 දී මෙම දැවැන්ත අභ්‍යවකාශ පර්යේෂණාගාරය විශ්‍රාම ගැන්වීම නාසා ආයතනයේ සූදානම් වන අතර ඉන් අනතුරුව එය කක්ෂයෙන් ඉවත්කිරීම සම්බන්ධව නාසා ආයතනය දැනටමත් සැලසුම් කර අවසන්ය.

පෘථිවියට ඉතාමත් ආසන්න කක්ෂයක පිහිටි එම මධ්‍යස්ථානය ආරක්ෂිතව ඉවත්කිරීමේ භාරදූර කටයුත්ත සඳහා ඔවුන් ලොව ප්‍රකට ධන කුවේරයෙක් වන ඊලොන් මස්ක්ට අයත් ස්පේස් එක්ස් සමාගමේ සහාය පතා තිබේ.ටොන් 430ක බරින් යුතු එම පර්යේෂණාගාරය ක්ෂණිකව භාවිතයෙන් අත්හැරියහොත් එය පෘථිවිය මතට කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින අතර ඒ අනුව ආරක්ෂිතව එය කක්ෂයෙන් ඉවත්කිරීමේ යානය නිපදවීමේ කොන්ත්‍රාත්තුවට අමෙරිකානු ඩොලර් මිලියින 843ක දැවැන්ත මුදලක් වෙන්කිරීම නාසා ආයතනයේ සැලසුමයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියේ ජනාකීර්ණ කලාපයක් වෙත ඇඳවැටීමට ඇති අවස්ථාව අහුරා එය පවතින කක්ෂයෙන් ඉවත්කිරීමේ ශක්‍යතාව ඇති යානයක් වැඩිදියුණු කිරීමේ වගකීම ස්පේස් එක්ස් සමාගම මත පැවරී තිබේ.යානය ඉදිකිරීමෙන් අනතුරුව මෙහෙයුම සිදුකිරීමේ වගකීම පැවරෙන්නේ නාසා ආයතනය වෙතය.එහිදී පෘථිවිය වටා නිදහසේ භ්‍රමණය වෙමින් පවතින අභ්‍යවකාශ සුන්බුන් රැසක් ද ඉවත්කිරීම නාසා ආයතනයේ අපේක්ෂාවයි.

අමෙරිකාව, ජපානය, යුරෝපා සංගමය සහ කැනඩාව 2030 වසර දක්වා ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සිය පවත්වාගැනීමේ මූල්‍ය දායකත්වය සපයන අතර, රුසියාවේ රොස්කොස්මොස් අභ්‍යවකාශ ඒජන්සිය 2028දී සිය මෙහෙයුම් අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan