Sunday, August 14, 2022
spot_img
spot_img

Latest Posts

තිඹිරිගෙදරින් කොළොන්නාවේ නෑයන්ට ඇරයුමක්

තිඹිරිගෙදර කියන්නෙ අධ්‍යාපන සංස්කෘතික මධ්‍යස්ථානයක්.එය දරුවන්ගේ නැණ පහන් දැල්වීම අරමුණු කරගෙන ඉකුත් කොවිඩ් වසංගත සමයේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා නොමිලේ දායක වීමට කැමති වූ ගුරු මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් ආරම්භ කරපු වැඩ සටහනක්.

සමාජය මුහුණු පාන දේ සමඟ ඇතිවන වෙනස්කම්වලට සාපේක්ෂව ජනතාව පැත්තෙන් හිතන්න ඕනි හැඩය ගැන පාර කියන තිඹිරිගෙදර අධ්‍යාපන සංස්කෘතික මධ්‍යස්ථානය රටේ වර්ථමාන තත්ත්වය සැළකිල්ලට ගෙන කද මළු පුරවගෙන ගමෙන් නගරයේ නෑයන් දකින්න එන්න තීරණය කරනවා.මේ ගැන සටහන LNW හී දකින ප්‍රධාන මිනින්දෝරු ගාමිණි වීරසිරි මහතා ඇතුළු පිරිසක් ඉතාම සත්භාවයෙන් මේ නෑ ගමනට පහසුකම් සපයන්න ඉදිරිපත් වෙනවා.විශේෂයෙන්ම වීරසිරි මහතාගේ ආදරණීය 88 හැවිරිදි පියා එම්.එම්.සිරිසේන මහතාත් මෙහිදී ඉදිරිපෙළ හිට ගන්නවා.විදුහල්පතිවරයෙක් වන බී.එම්.තිලකරත්න,ඉංජිනේරු ලලන්ත විජේසිංහ වැනි මහත්වරු වගේම අසල්වැසි ගම්වාසී වැඩිහිටියන් මෙන්ම ළමුන් ද මේ නොදත් නෑයන්ට ආදරය දෙන්න මැදිහත් වෙනවා.එහිදී මේ නෑ ගමන එන්න ඉන්ධන අර්බූදය දැඩිව පවතින මොහොතෙ වගකීම කරට ගන්නෙ රංජිත් වනසිංහ මහතා.මේ හැම දෙයක්ම මේ ආදරණීය අදහසේ ගුරා නඩේ ගුරා වෙලා පළමු නෑ ගමන කොළොන්නාව ආසනයේ අංගොඩ දෙල්ගහවත්ත ජිනවංශාරාමයට එද්දි,තිඹිරියාගම බණ්ඩාරට සෙවනැල්ලක් වගේ අනුශාසනා දෙමින් රැදී හිටිය පූජ්‍ය තිස්සව සුමනානන්ද හිමිත් ගමණට වැඩම කරන්න එකතු වි සිටියා. දුරින් එන නෑයන් පිළිගන්න එහි විහාරාධිපති දුම්බරගම සුමනවංශ ස්වාමීන් වහන්සේ සංග්‍රහ සත්කාර සූදානම් කරල තිබුණා.ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 50 ක් මෙන්ම කොළොන්නාව ආසනය නියෝජනය කරමින් වෙනස් අවශ්‍යයතා සහිත සාමාජිකයන් සිටින පවුල් 50 ක් මේ අවස්ථාවට ආධාර ලබන්නන් හැටියට එකතු වි සිටියා.

ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම ස්වශක්ති සංවිධානය වන කොළොන්නාව වෙනස් අවශ්‍යයතා සහිත ස්වශක්ති සංවිධානයේ සාමාජිකයන් වන කෝසල බණ්ඩාර සහ ජාරක නරේන්ද්‍ර නර්තනයක් සහ ගායනයක් ඉදිරිපත් කරමින් පැමිණ සිටි සියලු දෙනාම සතුටට පත් කළා.තිස්සව සුමනානන්ද හාමුදුරුවො කෝසලගේ නර්තනය හැඳින්වූවේ තමා ජිවිතයේ වඩාත් සතුටට පත් වූ අවස්ථාව හැටියටයි.උන් වහන්සේ සභාවේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේ මේ මුහුණ දී සිටින අර්බූදය තමන්ගේ කරුමය හැටියට නොගෙන තමන්ව පිරිසක් විසින් ඇඳ දැමූ දෙයක් බව වටහාගන්නා ලෙසයි.

තිඹිරියාගම බණ්ඩාර මහතා ස්වශක්ති සංවිධානයේ වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ විශේෂ හැකියාවන් ගැන දැන,ලි කැටයම්, සුබ පැතුම් පත් වැනි විවිධ නිර්මාණ ජිවිකාව කර ගත් පිරිසගේත් කෝසල,ජාරක වැනි කලා හැකියාවන් සහිත අයගේත් දක්ෂතා සඳහා තිඹිරි ගෙදර අධ්‍යාපන සංස්කෘතික මධ්‍යස්ථානය වේදිකාවක් සහ ප්‍රදර්ශනාගාරයක් කරන්නට දිනයක පැමිණෙන ලෙස ඉල්ලා සිටියා.ඊට අවශ්‍යය ප්‍රවාහන වෙහෙස ආදරණිය වෙහෙස සිය මධ්‍යස්ථානය සමඟ රැඳෙන බැඳෙන සහෘදයන් හරහා ඉටු කර දෙන්නටත් ඒ මහතා පොරොන්දු වුණා.

හාල්,පොල් සිට වියළි ආහාර පමණක් නොව,ලිප මොළවන්නට අවශ්‍යය දර මිටියක් පවා රැඳුණු ඒ ආධාර මල්ල පිළිබඳව මුව පුරා සතුටින් නැඟුන වදන් සමඟ නෑයන් නැවත වාරියපොළ දක්වා පිටත් වුණා.මේ උත්සව අවස්ථාව දිරිය දෙන්න කොළොන්නාව ප්‍රාදේශිය සහකාර ලේකම් චමින්ද අරුණ කුමාර පරණමාන්න මහතා මෙන්ම එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ප්‍රසන්න ලාල් මහතාත් එක්ව සිටියා.පහතින් දැක්වෙන්නේ ඒ ආදරය බෙදා ගත් සොඳුරු මොහොත කාචගත සිත්තම් වූ අයුරුයි.

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.