*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

ඇමෙරිකාවේ ඔරිගන් හී දී ජූලි 15 සිට ජූලි 24 දක්වා පැවත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන්,නිලානි රත්නායක සහ ගයන්තිකා අබේරත්න සුදුසුකම් ලබා ඇත.පිළිවෙලින් පිරිමි මීටර් 100,කාන්තා මීටර් 3000 බාධක දිවීම සහ කාන්තා මීටර් 800 ඉසව් නියෝජනය කරන යුපුන්,නිලානි සහ ගයන්තිකා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුවය.
තරගාවලියට ඇතුළත් වීම සඳහා ඉසව්ව සඳහා නම් කරන ලද පරිසාධන මට්ටම් අනුව ද,ශ්‍රේණිගත කිරීම් අනුව ද ඊට අමතරව ඒ ඒ ඉසව්වේ ස්වභාවය අනුව වයිල්ඩ් කාඩ් නැත්නම් පිරිනමනු ලබන විශේෂ වරප්‍රසාද තත්ත්වයන් යටතේ ද ක්‍රිඩක ක්‍රීඩිකාවෝ අවස්ථාව ලබති.ඒ ආකාරයට වර්ග කිරීම්වලදී දුර පැනීම ඉසව්ව සඳහා පෙනී සිටින සාරංගි සිල්වා අවසාන මොහොත වන තෙක්ම දුර පැනීමේ ඉසව්වේ තිස් දෙවන ස්ථානයේ රැදී සිටියාය.එම ඉසව්ව සඳහා තෝරා ගනු ලබන්නේ 32 ක් පමණි.එහිදී ඇයට ඉසව්වට වයිල්ඩ් කාඩ් ක්‍රමයට ඇතුළත් කරනු ලැබූ ක්‍රීඩිකාවන් දෙදෙනා නිසා අවාසනාවන්ත ලෙස ක්‍රීඩා උළෙල අහිමි වි ඇත.එම දෙදෙනා ඉහළට ආ පසු සාරංගි 34 වන තැනට පහතට වැටී ඇත.
යුපුන් මේ වන විට ලෝකයේම අවධානය දිනා සිටින කෙටි දුර ධාවකයෙක්ය.නමුත් යුපුන්ගේ හොඳම කාලය වන්නේ ශ්‍රී ලංකා සහ දකුණු ආසියාතික වාර්තාවද වන තත්පර 10.06 ය.ඉසව්වේ පරිසාදන මට්ටම ලෙස දක්වා ඇත්තේ තත්පර 10.05 නිසා යුපුන්ට අවස්ථාව හිමි වී තිබෙන්නේද පරිසාධන මට්ටම අනුව නොව ලෝක ශ්‍රේණිගත කිරීම් සළකා ය.ඒ අනුව මීටර් 100 පිරිමි ඉසව්වට පෙනී සිටීමට යෝජිත තරගකරුවන් 48 දෙනා අතර යුපුන් සිටින්නේ 42 වන තැනය.
නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීම ඉසව්ව නියෝජනය කරන්නේ එම තරගයට සුදුසුකම් ලබා ඇති 45 දෙනාගෙන් 38 වැන්නා ලෙස ය.ගයන්තිකා අබේරත්න මීටර් 800 සඳහා තරඟ වැදීමට යෝජිත 48 දෙනා අතරින් 46 වැන්නිය ලෙස සුදුසුකම් ලබා සිටින්නීය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan