අගමැති සහ GMOA අතර හමුවක් – ඖෂධ සහ ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලැබෙයිද? (VIDEO)

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (29) රාත්‍රියේදී හමුවක් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේ වන විට රෝහල් තුළ පවත්නා ඖෂධ හිඟය සහ ඉන්ධන නොමැති වීමෙන් රෝහල් කාර්ය මණ්ඩල වෙත රෝහලට පැමිණීමට ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් අවධානයට ලක් කළ බවයි.

එළඹෙන ජූලි 01 වැනිදා වන විට ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත රෝහල් වෙත පැමිණීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අගමැතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර ලැබුණු බවද අලුත්ගේ මහතා කියා සිටියේය.

”තරමක් දුරට තවමත් අපි වාසනාවනත්යි බෙහෙත් නැතුව මැරෙන්න වෙලා තියෙනවා කියන තත්ත්වයක් නැහැ. මොකද රෝහලකට ගියාම ඖෂධයක් නැත්නම් තවමත් ඒකට විකල්පයක් තිබෙනවා. නමුත් මේ තත්ත්වය දිගටම පැවතුණොත් තව සතියක් දෙකක් යන විට රෝහල් තුළ බෙහෙත් නැතුව රෝගීන් මැරෙන තත්ත්වයට පත්වෙන්න පුළුවන්.’ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඖෂධ බෙදා හැරීම ,තිබෙන ඖෂධ කළමනාකරණය කිරීමේදී මීට වඩා එය විධිමත් විය යුතු බව පෙන්වා දුන්නා” යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...