අගමැති සහ GMOA අතර හමුවක් – ඖෂධ සහ ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලැබෙයිද? (VIDEO)

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (29) රාත්‍රියේදී හමුවක් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේ වන විට රෝහල් තුළ පවත්නා ඖෂධ හිඟය සහ ඉන්ධන නොමැති වීමෙන් රෝහල් කාර්ය මණ්ඩල වෙත රෝහලට පැමිණීමට ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් අවධානයට ලක් කළ බවයි.

එළඹෙන ජූලි 01 වැනිදා වන විට ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත රෝහල් වෙත පැමිණීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අගමැතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර ලැබුණු බවද අලුත්ගේ මහතා කියා සිටියේය.

”තරමක් දුරට තවමත් අපි වාසනාවනත්යි බෙහෙත් නැතුව මැරෙන්න වෙලා තියෙනවා කියන තත්ත්වයක් නැහැ. මොකද රෝහලකට ගියාම ඖෂධයක් නැත්නම් තවමත් ඒකට විකල්පයක් තිබෙනවා. නමුත් මේ තත්ත්වය දිගටම පැවතුණොත් තව සතියක් දෙකක් යන විට රෝහල් තුළ බෙහෙත් නැතුව රෝගීන් මැරෙන තත්ත්වයට පත්වෙන්න පුළුවන්.’ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඖෂධ බෙදා හැරීම ,තිබෙන ඖෂධ කළමනාකරණය කිරීමේදී මීට වඩා එය විධිමත් විය යුතු බව පෙන්වා දුන්නා” යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී...

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...

ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...