මැතිව්ස්ට කොවිඩ් – ඔෂධ ප්‍රනාන්දු කණ්ඩායමට එයි

Date:

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ අද තෙවැනි දිනයයි. ලකුණු 109 ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු දෙකක් දැවී ලකුණු 39 ක් රැස් කරගෙන සිටී.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 23 කට දැවීගිය අතර පැතුම් නිශ්ශංකට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 14 ක් පමණි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්ට තරගය අහිමි වී තිබෙනවා. ඒ ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙනි. අද තරගය ආරම්භ කිරීමට පෙර ඒ බව තහවුරු කරගෙන තිබේ.

ඔහුගේ ස්ථානය සඳහා ඔෂධ ප්‍රනාන්දු කැඳවා ඇති අතර ඒ අනුව ඔෂධ ප්‍රනාන්දුට දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි වේ.

කොවිඩ් ආසාදිත මැතිව්ස් දින 05 ක නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...