*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

87 – 89 කාලේ මමත් අරගලයේ තමයි හිටියේ. අපි හැමෝම එකතුවෙලා මේ රට ගොඩගමු – ධම්මික

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම පිණිස පක්ෂ පාට භේද අතහැර සියලුම පාර්ශ්ව එකාවන්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අවධාරණය කරයි.

අමාත්‍ය ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන සමාගම්වල හිමිකරුවන්, අධ්‍යක්ෂවරුන් සහ ඉහළ කළමනාකාරීත්වයේ සේවය කරන විදේශිකයින් සඳහා මෙතෙක් වසරක් බැගින් ලබාදුන් වීසා කාලය වසර 5ක් දක්වා දීර්ඝ කිරීම වෙනුවෙන් අද (01) දිනයේ පැවති වැඩසටහනක් අමතමිනි.

මෙතෙක් කලක් මෙරට ආයෝජන සඳහා පැමිණි මෙම විදේශිකයින්ට වසරකට වරක් බැගින් වෛද්‍ය පරීක්ෂණවලට ලක්වෙමින් මෙම වීසා ලබාගැනීමට සිදුවුණු බව පැවසූ අමාත්‍යවරයා අද සිට එම අවහිරතාවන් ඉවත් කිරීම තුළ ඔවුන්ට වඩාත් සතුටින් මෙරට ආයෝජන කටයුතු සිදුකිරීමට මෙන්ම මෙරට ආයෝජන සම්බන්ධයෙන් වඩාත් ධනාත්මකව සලකා බැලීමට ද හැකි වටපිටාවක් නිර්මාණය වන බවයි සඳහන් කළේ.

අද දිනයේ මෙම අවස්ථාවට එක්වූ විදෙස් ආයෝජකයින්ගේ සතුටු සිනහ පිරුණු මුහුණු කාටත් දැකගැනීමට හැකිවුණු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා මේ ධනාත්මක මනෝභාවය ඉතාම වැදගත් බව අවධාරණය කළ අතර අද දිනයේම ආයෝජකයින් දෙදෙනෙකු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් තමන්ට යෝජනා ඉදිරිපත් කළ බවත් තමන් අදම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දුන් බවත් පැවසීය.

ප්‍රශ්නය – ඔබතුමා පාර්ලිමේන්තු එන්න ලෑස්ති වෙනකොට ඔබතුමාගේ නිවස ඉදිරිපිට අරගලකරුවෝ පිරිසක් ඇවිල්ලා විරෝධතාවක් පැවැත්වුවා. ඇමති ධුරය ගන්නකොටත් විරෝධතාවක් පැවැත්වුවා. රටපුරා දැඩි විරෝධතා දැක්වුණා. මේ විරෝධතාකරුවන් ඔබතුමාට අත්පුඩි ගහන දවසක් එයිද ?

“1987 ඉඳලා 89 වෙනකල් මාත් ඔය අරගලයම කරපු එක්කෙනෙක්. ඉතින් ඒ හින්දා මට මේක වෙනසක් නෑ. ඒ කියන්නේ අපිත් පාරෙනෙ හිටියේ … ඉතින් එහෙම හිටපු අය හැටියට මම හිතන්නේ මගේ පොඩි ළමයි ටික වගේ. මගේම ඉස්සර කාලෙදි වුණා නම් මමත් මේකම තමයි කරන්නෙ. ඉතින් එහෙම කරපු එක්කෙනෙකුට මෙහෙම විරෝධතා ආවාම හිතෙන්නෙ මගේම ජාතියේ එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා කියලා තමයි”

ප්‍රශ්නය – ඒ විරෝධතා වලදී කිව්වෙ මේ යන පාර අසාර්ථකයි කියලා. ඒ මතය වෙනස් කරන්න පුළුවන් වෙයිද ?

“දැන් පොඩි ළමයි වුණාම, අවුරුදු 22 – 23 වෙනකොට අපෙත් ඒ දවස්වල ඔළුව ගිනි අරන් තිබුණෙ. මොකද වෙන රටවල්වල තත්වය ගැන වීඩියෝ බලලා. අපි නම් ඒ දවස්වල ෆොටෝ බැලුවෙ, දැන් ඒ ළමයි බලන්නෙ වීඩියෝ. අපි ෆොටෝ බලලා තමයි අපේ ඔළුව ගිනිගත්තෙ. දැන් ඒ ළමයි වීඩියෝ බලලා තමයි ඔළුව ගිනි අරන් තියෙන්නෙ. ඒ කියන්නෙ, වෙන රටවල් මෙච්චර හොඳට තියෙන්නෙ කොහොමද, අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ මොකද කියලා. හැබැයි ඒ පොඩි ළමයි. මටත් ඒ වයසෙම ළමයි ඉන්නවා. ඉතින් ඒක හින්දා මම දන්නවා ඒගොල්ලො හිතන විදිය. ඒගොල්ලන්ට කියන්න පුළුවන් සිස්ටම් චේන්ජ් කියලා. හැබැයි ලොකු අය දැනගන්න ඕනෙ සිස්ටම් චේන්ජ් කියන්නෙ මොකක්ද කියලා. දැන් වුණත් අර සාම්ප්‍රදායික විදියට ආයෝජන මණ්ඩලය යටතේ අයටත් එක අවුරුද්දක වීසා තිබුණා නම් මේ වගේ වැඩසටහනක් කෙරෙන්නෙ නැහැනෙ. මං ඇත්තටම තවම නිල වශයෙන් වැඩ භාර අරගෙනත් නෑ. හැබැයි මම ඇවිල්ලා, ඔක්කොම අයගෙ තියෙන ප්‍රශ්න ටික විසඳලා හැමෝම සතුටින් තියන්න තමයි බලන්නෙ. මොකද අපි කාවහරි සතුටින් තිබ්බෙ නැත්නම් අපිව කවුරුත් සතුටින් තියන්නෙ නෑ”

“දැන් ඔයගොල්ලන්ටම පේනවා ඇතිනෙ, පෙට්‍රල් පෝලිමේ ඉඳගෙනත් වෙන රටක ඉන්න කාටහරි කෝල් එකක් දාලා සමහරු කියනවා ඔයා නම් සල්ලි එවන්න එපා මෙහෙට කියලා. ඔයාලා එහෙම ටෙලිෆෝන් කෝල් අහලාත් ඇති ඔයාලාත් පෝලිමේ ඉන්නකොට. හැබැයි බලන්න තමන්ගෙ පෝලිමම දික් කරගන්න තමන්ම කෝල් එකක් දාන වැඩක්නෙ ඒක. මේක රටක් එකතුවෙලා අර විදේශ ප්‍රේෂණ ටික ගේන්න, අපි මෙහෙම කරදරෙන් ඉන්නෙ, අපට බෙහෙත් නෑ, ඒක හින්දා අයියලා මල්ලිලා නෑදෑයින්ට කිව්වා නම් හැමෝම එකතුවෙලා ඕගොල්ලො මේ සල්ලි ටික ගේන්න කියලා, එහෙම මේ සල්ලි ටික ගෙනාවොත් අපට අපේ ප්‍රශ්නය ගොඩාක් දුරට මඟහරවා ගන්න පුළුවන්. හැබැයි අපිම අපේ සල්ලි එහෙම වෙන රටවල නවත්තලා, අපිම සංචාරකයින්ට එන්න දෙන්නෙ නැතුව අපේ රටේ සන්නාමය ඉවර කරලා, එහෙම කරනවා නම් අපි විසින්ම තමයි අපට මේක කරගන්නෙ. අපි ළිඳක වැටිලා නම් ඒක එච්චර ගැඹුරු නැතිවෙන්න පුළුවන්, නමුත් අපි දැන් කරන්නෙ හාරා හාරා දිනපතා පස්ටික ගොඩට දාන එක. ළිඳ එන්න එන්නම ගැඹුරට යන එක තමයි වෙන්නෙ. අපි එකතුවෙලා මේකෙන් ගොඩ එන්නයි ඕනෙ”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan