මහින්ද රාජපක්ෂගෙ දේශපාලනය නවත්තන්න බෑ, නවත්තන්න දෙන්නෙත් නෑ – ඉන්දික අනුරුද්ධ

Date:

ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දෙකක් දැමූ පමණින් රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කළ නොහැකි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. දශක පහකට වැඩි දේශපාලන අත්දැකීම් සහිත මහින්ද රාජපක්ෂ මහතා එවැනි දෙයින් පසුබට නොවන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

අද පාර්ලිමේන්තුවේ සිටින බොහෝදෙනා පාර්ලිමේන්තුවට පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ ඉදිරියට දමා ගනිමින් බවත්, එනිසා මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගැනීම ඔවුන් සියලුදෙනාගේම වගකීම බවත් අනුරුද්ධ මහතා පෙන්වා දෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු නැවැත්වීම සඳහා කිසිසේත්ම ඉඩ නොතබන බවද ඔහු පවසනවා.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය සේවා ලෙස ක්ෂේත්‍ර කිහිපයක් වෙනම නම්කර එම ක්ෂේත්‍රවලට පමණක් ඉන්ධන ලබාදීම ගැටලුවට විසඳුමක් නොවන බවයි. එකම විසඳුම හැකිතරම් ඉන්ධන ආනයනය කිරීම බවත්, බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී ඉන්දියාවෙන් හැකිපමණ ඉන්ධන ආනයනය කිරීමට කටයුතු කළ බවත් පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...