බලශක්ති අර්බුදය විසඳා ගැනීමට සහාය ලබාදෙන බවට ඕමාන තානාපති සහතික වෙයි

Date:

සිය සේවය අවසන් කර යළි සියරට බලා යාමට නියමිත ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. කොළඹ කොටුම ජනාධිපති මන්දිරයේදි මෙම හමුව පැවැත්විණි.

දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවේදී ඕමාන තානාපතිවරයා, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුදය සඳහා විසඳුම් සෙවීමට උපරිම සහාය ලබාදෙන බවට සහතික වී තිබේ.

මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ට ඕමානයේ රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් සහ මෙරට ආයෝජන ඉහළ දැමීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ. තමා යළි සිය රටට යන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවය සඳහා බැවින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කිරීමට අවස්ථාව හිමිවන බවද තානාපතිවරයා පවසා තිබේ.

සයීඩ් අල් රෂ්ඩි මහතාගේ මෙරට සේවා කාලය වසර 08 ක් වන අතර එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා රෂ්ඩි මහතාට ස්තුතිය පළකර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...