ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:තවදුරටත් ඩෙංගු රෝගයේ සීඝ්ර ව්යාප්තියක් දක්නට ලැබෙන අතර වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 55,406ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් සිදුව ඇති මරණ ගණන ද 32ක් ලෙස ඉහළ ගොස් තිබේ.
දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් ගණනද 1000 ඉක්මවමින් තිබෙන අතර රෝග ව්යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් සෞඛ්ය අංශ ලබාදෙන උපදෙස් ක්රියාත්මක කරන ලෙසත් මෙය පාලනය කරගැනීමට මහජන සහය අනිවාර්යයෙන් ලැබිය යුතු බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.


