ශ්‍රී ලංකා දත්ත ආරක්ෂන අධිකාරියේ උසස් නිළධාරීන් හා වොෂින්ටන් තානාපති හමුව….!

Date:

අශෝක ජයතුංග

ජූලි 02, වොෂින්ටන් LNW :

ඇමෙරිකාවේ නිළ සංචාරයක් සදහා පැමිණි ශ්‍රී ලංකා දත්ත ආරක්ෂන අධිකාරියේ (Data Protection Authority) හි උසස් නිළධාරීන් වොෂින්ටන් තානාපති කාර්යාලයේදී තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවූහ.

ඇමෙරිකාවේ වානිජ දෙපාර්තමේන්තුවේ වානිජ නීති සංවර්දන වැඩ සටහන යටතේ එරට සංචාරයකට එක්වූ එම දූත පිරිස එම ආයතනයේ හා අනුබද්ධ ආයතන මෙන්ම පෞද්ගලික අංශය සමග ද විවිධ ක්‍රියාකාරකම් හා අදහස් හුවමාරු කරගැනීම් වලට එක්වූහ.

අනතුරුව තානාපති සමරසිංහ මහතා සමග කල සාකච්ඡාවේදී අධිකාරියේ ව්‍යවස්ථාපිත පදනම හා ආයතනයේ අනාගත සැළසුම් මෙන්ම ඇමෙරිකානු සංචාරයේ ප්‍රගතිය ගැන ද අවධානය යොමු කෙරිණ. එම සංචාරයේ දී ලබාගත් අත්දැකීම් හා දැනුම ශ්‍රී ලංකාවේ දී භාවිතා කිරීම ගැන ද එහිදී අදහස් හුවමාරු විය.

ඇමෙරිකාව හා එරට ආයතන සමග අඛණ්ඩ සබදතා වර්දනය හා අදාළ පසුවිරම් වලදී උපරිම සහාය ලබාදීමට ද  තානාපති සමරසිංහ මහතා එහිදී එකඟත්වය පළ කළේය.

අධිකාරියේ සභාපති අර්ජුන හේරත් වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් වරුණ ශ්‍රී ධනපාල  නීති කෙටුම්පත් නිළධාරිනී දිල්රුක්ෂි සමරවීර හා අධ්‍යක්ෂවරුන් වන සෞම්‍ය අමරසේකර නිසිත් අබේසූරිය ෂෙහාන් විජේතිලක මහත්ම මහත්මීන් මෙම හමුවට එක්වූහ.

තානාපති මහින්ද සමරසිංහ මහතා මෙන්ම වොෂින්ටන් තානාපති කාර්යාල නි: දූත මණ්ඩල ප්‍රධානී රොහාන් අඔගොල්ල වානිජ අංශ ප්‍රධානී චරිත යට්ටෝගොඩ හා දේශපාලන අංශ ප්‍රධානී නිශාන් මුතුක්‍රිෂ්ණ මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...