ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගුවන් හා වරාය ක්ෂේත්‍ර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය…

රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ LNW :


වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස අතර නිල හමුවක් 2026 ජූලි 02 දින වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව පුළුල් වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.


ගුවන්සේවා ක්ෂේත්‍රයේ සහයෝගිතාව පුළුල් කිරීම, දෙරට අතර ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීම සහ ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධන අවස්ථා පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන්ම වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යන කාරණා පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
දිට්වා ව්‍යසනයෙන් අනතුරුව ශ්‍රී ලංකාව ශක්තිමත්ව යළි නැගී සිටිමින් අත්කරගෙන ඇති සංවර්ධන ප්‍රගතිය පිළිබඳව පාකිස්තාන නියෝජිත පිරිසගේ ඇගයීම ද මෙහිදී පළ විය.


එමෙන්ම, කලාපීය ප්‍රවාහන හා ලොජිස්ටික් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයන්හි ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද කරුණු හුවමාරු විය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...