ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:2022 වසරේදී ආර්ථික බංකොලොත්භාවයටත් පත්ව 2026 වසර වන විට ලෝක බැංකුව විසින් ශ්රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට නම් කිරීම සුවිශේෂී ජයග්රහණයක් බව පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා අධ්යයන අංශයේ මහාචාර්ය මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක් පමණ විනාශ වූ අතර එවැනි තත්ත්වයන් හමුවේ ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීම ඉතා ප්රශංසනීය දෙයක් බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.
විශේෂයෙන් වර්තමානය වන විට රාජ්ය මූල්ය ප්රතිපත්තිය ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන හෙයින් ඉතා හොඳ රාජ්ය මූල්ය විනයක් රට තුළ පවතින බව ඔහු කියා සිටියි.
අනෙක් පසින් රටේ මූල්ය සැපයුම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ඇතුළු එම කණ්ඩායම හොඳ අධීක්ෂණයක් සිටින බවද මහාචාර්යවරයා පවසයි.
ඒ අනුව අද දවස වන විට ලබාගෙන ඇති සාර්ථකත්වයට ප්රධාන හේතුව රාජ්ය මූල්ය කළමනාකරණය සහ රටේ මූල්ය කළමනාකරණය යන අංශ දෙක ඉතා සාර්ථකව මෙහෙයවීම බව මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කරයි.
මේ ආකාරයටම ඉදිරියට ගමන් කරන්නේ නම් කෙටි කාලයක් තුළ ඉහළ ආදායම් ලබන රටවල් කාණ්ඩයට යා හැකි බවත් ඊට අවශ්ය වන්නේ 8%ත් 10%ත් අතර ආර්ථික වර්ධනයක් සැලකිය යුතු කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාම බවත් හෙතෙම පෙන්වා දෙයි.
තවදුරටත් ග්රාමීය ආර්ථික පරිවර්තන ආර්ථිකයක් බවට පත්කර අපනයන දියුණු කර නව නිෂ්පාදන බිහිකිරීමට හැකි නම් ඉතාම කෙටි කාලයක් තුළ වේගවත් ආර්ථික ගමනක් යා හැකි බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.


