*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ඔලිම්පික් තේරුණු තරුශිට සහ නදීශාට රිටිස්බරි වෙතින් රසවත් ඇගයීමක්

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 04, (LNW) කොළඹ :

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා තේරී සිටින තරුශි කරුණාරත්න සහ නදීශා ලේකම්ගේ වෙත රිටිස්බරි අනුග්‍රහයෙන් මූල්‍යමය ත්‍යාග පිරිනැමීමක් අද සවස (ජූලි 04) බදුල්ලේ දී සිඳු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.මේ මොහොතේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන පාසල් සහය දිවීමේ තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයට විශේෂ ආරාධිතයින් ලෙස ද මොවුන් දෙදෙනා එක් කර ගැනීමට නියමිතය.


පාසල් වියේ සිටම ජාතික මට්ටමේ පාසල් ක්‍රීඩිකාවන් ලෙස කැපී පෙණුන සහ වාර්තාගත දස්කම් දැක් වූ තරුශි සහ නදීශා ඔලිම්පික් සුදුසුකම් ලබා ගත් ක්‍රීඩිකාවන් මෙන්ම තමන්ගේ ඉසව්වල ජාතික වාර්තාලාභීන් ද වේ.ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව දෙදෙනා එක්ව සහභාගි වන පළමු ජාතික මට්ටමේ උත්සවය වන්නේ ද මෙම සහය දිවීමේ සැණකෙළියේ සමාප්ත සමාචාර උත්සවය වන අතර දිවයින පුරා විසීරී සිටින පාසල් දරුවන් රැසකගේ දස්කම් ඇගයීම සිඳු කරන ජාතික මට්ටමේ මලල ක්‍රීඩා උත්සවවකදීම මේ ඇගයීම ලැබීම ඔවුන්ගේ පාසල් මලල ක්‍රීඩා ඉතිහාසයේ රසවත් අත්දැකීම් සමඟ අතීතයට යන්නට කරන ආරාධනාවක් වැනි වනු ඇත.එසේම අනාගතය දෙස සුබ සිහින ඇති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල ශක්තියක් සහ මඟ පෙන්වීමක් වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan