දොස්තර හොඳ හිත ආසියානු පිහිණුම් වෛද්‍ය කමිටුවට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 06, (LNW) කොළඹ :

ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් ඒකනායක ආසියානු ජල ක්‍රීඩා සම්මේලනයේ වෛද්‍ය සහ තහනම් උත්තේජන කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කරගෙන ඇත.

පාපන්දු,වොලිබෝල්,නෙට්බෝල්,මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා ගණනාවක දී ජාත්‍යන්තර මට්ටමෙන් වෛද්‍ය කේෂ්ත්‍රය නියෝජනය කර අත්දැකීම් ඇති සහ වගකීම් දරා ඇති වෛද්‍යවරයෙකු වන ලාල් ඒකනායක ලාංකේය ක්‍රිඩා කේෂ්ත්‍රයේ ක්‍රීඩකයන්ගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ අයෙකි.ඒ නිසාම ‘දොස්තර හොඳ හිත’ ලෙස ක්‍රීඩා කේෂ්ත්‍රයේ නමක් දිනා සිටින වෛද්‍ය ලාල් ඒකනායකට ක්‍රීඩාව හා මෙතරම් සමීපව සිය වෘත්තීය කටයුතු කරගෙන යාමට පහසු වී ඇත්තේ ඔහු පාසල් වියේදී ජාතික මට්ටමෙන් කැපී පෙනෙන ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩාවන් කිහිපයකදීම මාතර රාහුල විද්‍යාලය නියෝජනය කළ අයෙකු බැවිනි.


ආසියානු ජල ක්‍රීඩා සම්මේලනයේ විවිධ කමිටු සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු පත් වී ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ඇගයීමක් ලබා දුන් පිහිණුම් ක්‍රීඩකයෙක් වන ජෙෆ්රි ඩුලපන්දන් ද සිටියි.ඔහු පුහුණුකරුවන්ගේ කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.අන්තර් සහයෝගීතාවය සහ සංවර්ධනය සම්බන්ධයෙන් පත් වී ඇති කිමිටුවේ ද ශ්‍රී ලංකා නියෝජනයක් දැකිය හැකි අතර ඔහු මොහොමඩ් රිෆ්ඩි ෆාහ්මි ය.එසේම අක්රි අමීර් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීනයන්ගේ කමිටුවට නම් කර ඇත.


එසේම මහින්ද ලියනගේ ආසියානු ජල ක්‍රීඩා සම්මේලනයේ පිහිණුම් අංශයේ තාක්ෂණික කමිටුවේ උප සභාපතිවරයා ලෙස ද පත් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...