මුදල් ඇමති අසාර්ථකයි, වහා ඉල්ලා අස්විය යුතුයි!: ධම්මික පෙරේරා

Date:

රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් මුදල් අමාත්‍යවරයා වශයෙන් රටේ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ පිලියම් යෙදීමට අසමත්ව ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා චෝදනා කරයි.

රටේ මතුව ඇති සියලු ආර්ථික ගැටළු ඩොලර් අර්බුදය හා බැඳී ඇති බවත්, එම ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයා සතුව සාර්ථක වැඩපිළිවෙලක් නැති බවත් පෙන්වා දෙන ඒ මහතා, රට තුළට ඩොලර් ගලනය සඳහා වැඩපිළිවෙලක් යොදනු වෙනුවට හිතමිතුරන්ගෙන් මුදල් ණයට ගැනීමේ ප්‍රතිපත්තියක් ඔහු විසින් අනුගමනය කරමින් සිටින බවයි අවධාරණය කරන්නේ.

ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්, සේතු මූල්‍යකරණය, පවතින ණය මාර්ග සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ණය මාර්ග සම්බන්ධ සියලු කාරණා ප්‍රමාද කරන මුදල් අමාත්‍යවරයා, ජාත්‍යන්තර මාධ්‍ය හමුවට ගොස් මෙම කාලසීමාව තුළ සංචාරකයන්ට රටට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදීමෙන් සංචාරක කර්මාන්තය ඔස්සේ ලැබීමට ඇති ආදායම් ද බිඳවට්ටවා ඇති බවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විදේශිකයන්ගේ ප්‍රේෂණවලින් අමතර ආදායමක් ලබා ගැනීමට සැලසුම් සකස් කර ඇති මුත් මුදල් අමාත්‍යවරයා නිවේදනය කරන්නේ ඇමරිකානු ඩොලරය රු. 450 දක්වා ඉහළ යාමේ අවදානමක් ඇති බවයි. මෙවන් ප්‍රකාශ ඔස්සේ විදේශ ප්‍රේෂණ රටතුළට ගලා ඒම පවා නතර විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා පෙන්වා දෙයි කරයි.

රටතුළ මතුව ඇති අර්බුදය පිළිබඳව මුදල් අමාත්‍යවරයා දෙසතියක් තුළ ලබාදුන් යාවත්කාලීනය හමුවේ ධනවත් පුද්ගලයන්ට තම මුදල් ද සමඟ රටින් පිටව යන ලෙස ඉඟි කරන බවත්, මෙමඟින් ඩොලර් අර්බුදය හිනිපෙත්තකට දිවයා හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි. මේ වන විට මාසිකව පවුල් 200ක් රට හැර දමා යන වාතාවරණයක් තුළ, එක් පවුලකින් අහිමි වන මුදල ඩොලර් මිලියන භාගයක් යැයි ගණන් බැලුවත් එමඟින් රටින් ඉවත්ව යන මුළු මුදල් ප්‍රමාණය මසකට ඩොලර් මිලියන 100 ක් බවයි ධම්මික පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ තරම් ඉහළ මට්ටමක කිසිදිනක තිබුණේ නැති බවත්, එසේ තිබියදී පවතින උද්ධමනය අඩු කරන බව පවසන මුදල් අමාත්‍යවරයා ට උද්ධමනය අඩු කිරීමේ වැඩපිළිවෙළක් හෝ නොමැති බවයි ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා චෝදනා කරන්නේ.

පොලී අනුපාත ඉහළ ගොස් තිබෙන පසුබිමක, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහ අනෙකුත් කර්මාන්තවල පැවැත්මට එය අහිතකර ලෙස බලපා ඇති බව පෙන්වා දෙන ධම්මික පෙරේරා මහතා, මුදල් අමාත්‍යවරයාට පොලී අනුපාත අඩු කිරීමට හෝ කිසිඳු සැලසුමක් නැති බව චෝදනා කරයි.

මුදල් අමාත්‍යවරයාට විනිමය අනුපාතය ස්ථාව කිරීමට අවශ්‍ය බව පැවසූව ද ඊට ද සැලසුමක් නැති බවත්, දළ දේශීය නිෂ්පාදිතයට ශ්‍රී ලංකාවේ ණය අනුපාතය සියයට 140 ක් වන වාතාවරණයක එම අනුපාතය සියයට 95 ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය බව පවසන ඔහුට ඒ සඳහා හෝ නිසි සැලසුමක් නොමැති බවයි ධම්මික පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලාංකිකයින්ට දිනකට ආහාර වේල් 2 ක් පමණක් ලබා දෙන බව ද මුද්ල අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, මෙමගින් ධනවත් පුද්ගලයන් භාණ්ඩ තොග ගබඩා කිරීමට පෙළෙඹෙන බවත්, ඔහුගේ ප්‍රකාශය නිසා ශ්‍රී ලංකාව කල් ඇතිවම ආහාර අර්බුදයක් කරා දිවෙනු ඇති බව ධම්මික පෙරේරා මහතා අනතුරු අඟවයි.

එකී පසුබිම තුළ ඔහු වහා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා අවධාරණය කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...