රනිල්ගේ දේශපාලන ගේම් එක දැන් නතර කළ යුතුයි – ඇමති ධම්මික රනිල්ගේ ටයි කෝට් ගලවා දමයි (VIDEO)

Date:

මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතු නැති අතර ඔහු එයින් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (06) මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස සිදුකරන දේශපාලන ගේම් එක මෙතැනින් නතර කළ යුතු බවයි ධම්මික පෙරේරා මහතා පැවසුවේ.

රටට ඩොලර් ගෙන එන සියලු ව්‍යාපෘති ඔහු විසින් නවතා තබා ගෙන සිටින අතර රටේ මුදල් සංසරණය වන ආකාරය ගැන හෝ රටේ මිනිසුන්ට කන්න දෙන ආකාරය ගැන හෝ ඩොලර්ස් ගෙනෙන ආකාරය ගැන හෝ කිසිම ආකාරයක සැලැස්මක් නැති බව ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහගේ පුරුද්ද වන්නේ ඩොලර්ස් එන ව්‍යාපෘති නතර කිරීම බවද ධම්මික පෙරේරා මහතා කියා සිටියේය.

තවදුරටත් ඔහුට මෙලස සිදුකිරීමට ඉඩ නොදෙන අතර තමන්ද මේ අරගලයට එකතු වෙන බවයි අමාත්‍යවරයා අවධානය කළේ.

මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු සැලැස්මක් නැති ආකාරය ගැන ඔහු හා ඔහුගේ ආර්ථික උපදේශකයින් සමඟ විවෘත විවාදයකට සූදානමින් සිටින බවත් එයට ඉදිරිපත්වන ලෙස තමන් අභියෝග කර සිටින බවත් ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...