*
Friday, May 3, 2024
spot_img

Latest Posts

22 ට කලින් පෙට්‍රල් නැවක් ගේන්න පුළුවන්, හැබැයි ගාණ වැඩියි – ඇමති කංචන

ජුලි 22 වනදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබාගැනීම සඳහා යෝජනාවක් පැමිණ ඇති නමුත් ඊට වෙනදාට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“මේ වෙනකොට අපට IOC සමාගමෙන් දීලා තියෙන පළවෙනි පෙට්‍රල් නෞකාව එන්නෙ 22 – 23 දවස් දෙක තුළ. ඒක තමයි අපට තහවුරු කරපු එකක් තියෙන්නෙ. ඊට පෙර අපි යෝජනා කරපු නැව්වලින් – අපි යෝජනා කළේ 10 – 15 අතර පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා – අපට යෝජනාවක් කළා මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ දකුණු ආසියානු කලාපයේ ඉන්න නියෝජිතයා පෙට්‍රොනා සමාගමෙන්, නමුත් ඔවුන්ට තහවුරු කරගන්න බැරිවුණා මෙරටට පැමිණෙන දිනය. අනිත් එකම සැපයුම්කරුවෙකුටවත් තවම අපට තහවුරු කරන්න බැරිවෙලා තියෙනවා 22 වෙනිදාට පෙර දෙන්න පෙට්‍රල් නෞකාවක්. ඊයේ රාත්‍රියේ අපට කැබිනට් මණ්ඩලය විසින් පත්කරපු නිලධාරීන්ගෙ කමිටුවෙන් අනුමැතියක් දුන්නා 13 වෙනිදාට මේ රටට අවශ්‍ය ඉන්ධන ටික ගේන්න.

නමුත් ගැටලුවක් තියෙනවා, වෙනදා අපි ගත්තු මුදලට වැඩිය වැඩි මිලකට තමයි ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නෙ. අපට දැන් ප්‍රශ්නයක් තිබෙනවා. වෙනත් කිසිවෙක් ඉදිරිපත් වෙලාත් නෑ, ඉදිරිපත් වෙලා ඉන්න එකම සමාගමත් වැඩි මිලක් ඉදිරිපත් කරලා තියෙන්නෙ, කමිටුව විසින් අනුමැතියක් දීලා තියෙනවා. හැබැයි දැන් ඒ සමාගම් විසින් දන්වලා තියෙනවා මේක මේ රටේ දේශපාලන කණ්ඩායම් විවිධ විදියට අර්ථකථනය කරමින් මේකෙන් කොමිස් ගන්න යනවා කියලා වැරදි මතයක් සමාජගත කරන්න යන නිසා ඒ සමාගම් පවා දැනුම් දීලා තියෙනවා අපේ මේ ඇනවුම් ලබාදෙන්න කටයුතු කරන්නෙ නෑ, ඔවුන්ටත් බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. මම ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කතා කළා, ඔවුන් කිව්වෙ කලින්ම ලැබෙන නෞකාව ගන්න කියලා. ඒ නිසා අපි අද දවසේ ඒ කැබිනට් අනු කාරකසභාවේ අනුමැතියත් එක්ක ඒ පෙරගෙවීම කරනවා, අපි බලාපොරොත්තු වෙනවා 15 වෙනිදාට ඒ නෞකාව ගන්න”

කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan