කියුබාව ට්‍රොස්ට්කිගේ මිනීමරුවාට රැකවරණ දුන්නේ ඇයි ..?

Date:

බෝල්ෂෙවික් නායකයෙකු මෙන්ම, ලෙනින්ගෙන් පසු රුසියාවේ නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයාව සිටි ලියොන් ට්‍රොස්ට්කි, 1940 අගෝස්තු මාසයේදී මෙක්සිකෝවේදී රමොන් මකාඩර්(Ramon Mercader) නැමැත්තා විසින් පොරවකින් ඔලුවට පහරදී ඝාතනය කෙරිනි.

මේ රමොන් මකාඩර් යනු කවුද? ඔහු ස්පාඥ්ඥයේ කොමියුනිස්ට්වාදියෙකු ලෙස සිට උපක්‍රමශීලීව ට්‍රොස්ට්කිට මෙක්සිකෝවේදී කිට්ටුවූ, ස්ටාලින්ගේ NKVD (රුසියානු අභ්‍යන්තර ඔත්තුසේවා) හි රහස් නියෝජිතයෙකි. ට්‍රොස්ට්කි ඝාතනය කල වහාම රමොන් පලායාමට තැත්කලද මෙක්සිකෝ රජය ඔහුව අත් අඩංගුවට ගෙන 20 අවුරුදු සිර දඬුවමකට සිරගෙට යවන ලදී.

ස්ටාලින් ප්‍රමුඛ ඔහුගේ ගෝලබාලයින් කොතෙක් උත්සාහ ගත්තද,අවසානයේදී රමොන්ගේ මව පවා මැදිහත්වී ඔහුව මෙක්සිකෝවේදී හිරෙන් රහසේ නිදහස් කරගැනීමට උත්සාහ දැරුවද, ඒ සෑම උත්සාහයක්ම ව්‍යර්තවී රමොන් වසර 19 කුත්, මාස 8 ක් හිරදඬුවම් විද අවසානයේ1960 දී නිදහස ලැබීය.

ට්‍රොස්ට්කි මරාදැමීමෙන් පසු ඔහුගේ මිනීමරුවා වන රමොන්ට ස්ටාලින් විසින් රුසියාවේ ඉහලම වීරප්‍රධානයක් වන “Order of Lenin” සහ ” Hero of the Soviet Union” පදක්කම් ප්‍රධානය කල අතර,ට්‍රොස්ට්කි ඝාතන කුමන්ත්‍රනයට හවුල්වූ රොමන්ගේ මව වන Eustaquia ටද ” Order of Lenin”පදක්කම පිරිනමන ලදී.

ට්‍රොස්ට්කි ගේ මිනීමරුවා වන රමොන්ට රැකවරනය දීමට ලැජ්ජා නැතිව ඉදිරිපත් වූයේ කියුබාවයි.කියුබාව මේ ට්‍රොස්ට්කි ගේ මිනීමරුවාට රැකවරනදී කියුබාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ රැකියාවක් දුන්නා පමණක් නොව ඔහු 1978 දී පිලිකාවකින් මැරෙනතුරුම කියුබාවේ වාසය කිරීමට කැස්ත්‍රෝ,චේ ප්‍රමුඛ සමාජවාදීන් කියාගන්නා කියුබානු අධිකාරීන් ඔහුට ඉඩදුන්නේය.

දැන් මට ලංකාවේ කියුබාව ගැන සංවේදීව සහ චේගේ මිනීමරුවන් ගැන දැඩි වෛරය ඇතුව සිටින සිටින “වාමාංශිකයින්ගෙන්” ඇසීමට ඇත්තේ,වාමාංශික දැනුමට ඉතා වටිනා මෙහෙයක් සිදුකල, ඊට වැඩි වටිනාකමකින් යුක්ත පොත් ගණනාවක් එක්කල, 1917 දී ලෙනින්ට බලය ගැනීමට පෙට්‍රොග්‍රාඩ් වල බෝල්ෂෙවික් බලය තහවුරු කිරීමට මුල්වුනු, රතු හමුදාව ගොඩනගා ප්‍රතිවිප්ලව පරාජයකල, පිටුවහල් ජීවිතයක් ගෙවමින් පවා තවත් ජාත්‍යන්තරයක් ගොඩනැගූ ලියොන් ට්‍රොස්ට්කිගේ මිනීමරුවාට කියුබාව රැකවරනය දී ඔහු මිය යනතුරුම ආරක්ෂා කිරීම ඔබලා තේරුම් ගන්නේ කෙසේද යන්නය…

විශේෂයෙන් චේව බොලිවියාවෙදී ඝාතනය කල සාජන් මාරියෝ ටෙරාන් ටත්, ඔහුගේ අණදෙන්නවූ ගැරී ප්‍රඩෝටත් ලංකාවේ වාමාංශිකයින් ගේ ඇති වෛරය, ට්‍රොස්ට්කි ගේ මිනීමරුවාට සහ ඔහුට රැකවරන දුන් අයට නැත්තේ කෙසේදැයි චේගැන, කැස්ත්‍රෝ ගැන බුකියේ හොටුපෙරන සුහුඹුල් වාමාංශික සෙට් එකෙන් මට ඇසීමට ඇති වැඳගත් ප්‍රශ්නයකි.

~ රංජන සේනානායක

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට...

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...