ජනාධිපතිවරණය ගැන මූලික සාකච්ඡාවක්. මුද්‍රණාලාධිපති සහ තැපැල්පති කොමිසමට කැඳවයි !

සටහන – රුවන් නෙළුගොල්ල

රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයාව අද (09) මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

ඒ, ජනාධිපතිවරණය සම්බන්ධ මූලික කරුණු පිළිබඳ සාකච්ඡාවක් සඳහා ය.

පොලිස්පතිවරයාට ද කැඳවීමක් සිදුකර ඇති අතර ඔහු ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිසම වෙත පැමිණීමට නියමිත බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ජුලි 17 වනදායින් පසුව මැතිවරණ කොමිසමට හිමිවන අතර ඊට පෙර මේ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...