ආසියා පැසිෆික් කලාපයට හමුදා කඳවුරු අවශ්‍ය නොවන බවට චීනයෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:ජපානය සහ පිලිපීනය ඒකාබද්ධ ප්‍රවේශ ගිවිසුමක් අත්සන් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා චීනයේ ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

රටවල් අතර හුවමාරු සහ සහයෝගීතාව පවත්වා ගැනීමේදී කලාපයේ අනෙකුත් රටවල් අතර විශ්වාසය පළුදු නොවිය යුතු බවත් ඒ ඔස්සේ කලාපීය සාමය හා ස්ථාවරත්වය බිඳ නොදැමිය යුතු බවත්, කිසිදු පාර්ශ්වයකට ඉන් හානියක් සිදු නොවිය යුතු බවත් ඔහු සඳහන් කළා.

ආසියා පැසිෆික් කලාපයට හමුදා කඳවුරු අවශ්‍ය නොවන බව පැවසූ Lin Jian මහතා දෙවන ලෝක යුද්ධ සමයේදී, ජපානය පිලිපීනය ඇතුළු අග්නිදිග ආසියාතික රටවල් ආක්‍රමණය කර එම රටවල් යටත් විජිත බවට පත් කළ බව ද එහිදී ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...