*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

(VIDEO):ජූලියත් ජූනිය වගේමයි.වෙනසක් නැහැ – ඒ තමයි රනිල්!

කොළඹ LNW: ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය වසර හයද පහද යන්න පැවති විචිකිච්චාවත් දැන් සමනය වී තිබෙන පසුබිමක ඊයේ දිනයේදී මැතිවරණ කොමිසම පොලිස්පති,මුද්‍රණාලයාධිපති,තැපැල්පති යන නිලධාරීන් සමඟ පූර්ව මැතිවරණ සූදානම ගැන සකච්ජාවක්ද කර තිබුණා. ව්‍යවස්ථානුකූලව නම් ඉතින් ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්ය කාරණයක්. ලබන 17 වැනිදායින් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවන නිසා දේශපාලන තලයේ බොහෝ දෙනා එළෙඹෙන සතිය ගැන බලාපොරොත්තු සහගතවයි පසුවෙන්නේ. වෙනදට වඩා දේශපාලන පිටිය වෙනස් මුහුණුවරක් ගනිමින් තිබෙන අතර කුමනාකාර ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇත්ද යන්න ජන සමාජයටත් ඇත්තේ ප්‍රෙහේලිකාමය ස්වභාවයක්. මොකද මේකේ තාමත් ප්‍රධාන චරිතය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවට එජාපය විටින් විට පැවසුවත් තවමත් එය නිශ්චිත නැහැ. මොකද අදටත් පොහොට්ටුවේ ස්ථාවරය සුපැහැදිලි නැති නිසා. පොහොට්ටුවේ මැති ඇමතිවරු විටින් විට රනිල් වික්‍රමසිංහ මහත්තයට සහය දෙන බවට ප්‍රකාශ කළද තාමත් එය පොහොට්ටුවේ අසහාය නායක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කටින් කියවුණේ නැහැ. ඔවුන් ඉන්නේ තාමත් අපේක්ෂකයින් කේවල් කරමින්. පොහොට්ටුවේ සහය රනිල්ටද, ධම්මිකටද නැත්නම් වෙනත් කෙනෙක්ටද යන්න පිළිබඳ පැහැදිලි එළඹුමක් නැති නිසා තවත් වික්‍රමසිංහ මහත්තයත් වැඩේ ඇදගෙන යනවා. වැල් පාලමෙන් ටයිටැනික් නැවට මාරු වුණා කියල තමයි වික්‍රමසිංහ මහත්තයා කිව්වේ. නැව දැන් වරායට ගෙනත් තියෙන බවත් අලුත් වැඩියාවත් කරන්න තමන්ට භාර දෙන්න කියන දේ පවසමින් සිටින්නේ. ඒ නිසා රනිල් වුණත් මේ මැච් ලෙහෙසියෙන් අතහරින්නේ නැහැ. හැබැයි තියෙන තත්ත්වය එක්ක තනියම ප්ලේ කරන්නත් බැහැ. පොහොට්ටුව වගේම සමඟියත් ඕනේ. ඔක්කොම නැතත් ප්‍රබල කොටසකගේ සහය ඕනේ. මොකද සාතිශය බහුතරයක් UNP කාරයෝ ඉන්නේ සමඟියේ නිසා. ඒ නිසා කොහොමත් මේ මැච් එක රනිල් වික්‍රමසිංහට සීරියස්. මොකද පහුගිය මැයි ජූනි මාසවලත් කතාව ගියේ සමඟියේ 15ක් 20ක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අත ගන්න එනවා කියල. හැබැයි දැන් ජූලි මාසෙත් භාගයක් එවර වෙන්නත් ඇවිත්.නමුත් තාමත් එහෙම කියපු තරමේ පැනිල්ලක් වුණේ නැහැ.

එළඹෙන 17 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීම ගැන ප්‍රකාශ කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබුණත් නාම යෝජනා කැඳවන්න සති දෙකක් දෙන්න වෙනවා. කොහොමත් මේක ඇවිලෙන්නේ නාමයෝජනා දුන්නට පස්සේ. පනින පැනිල්ලක්, නටන නැටුමක් ඉතින් එතකොට තමයි බලාගන්න වෙන්නේ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් හදන්න හදන ලංකා ඉතිහාසයේ ලොකුම සන්ධානයත් තවම අතර මඟ. එජාපයේ ඉදිරි පෙළ අය වගේම සමගියේත් රනිල් සහය දෙන්න බලාගෙන ඉන්න අය කියපු මේ සන්ධානය කියපු හැටියට නම් පත්තු වෙලා තියෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒකත් තවම නැහැ. කොහොමත් වික්‍රමසිංහ මහත්තයට පත්තු වෙන්නේ එහෙමටම ප්ලෑන් කරපුවත් නෙවෙයි. අවස්ථාවේ හැටියට කොක්ක ගහගන්න දක්ෂයා නිසා ඕනෑම තත්ත්වයක් තමන්ගේ කරගන්න ඇති හැකියාව නිසාම වික්‍රමසිංහ මහත්තයා ගොඩයනවා. ඔය ඔක්කොම කළ එළි බහින්නේ නාමයෝජනා දුන්නට පස්සේ කියන එක තමයි දැන් නම් පේන්න තියෙන්නේ. ඒ නිසා නොයෙක් කතන්දර මද ජූලියත් ජුනිය වගේ හැල්මේ යන බව තමයි කියන්න වෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan