ලෝක බලවතුන් යැයි කියා ගන්නා බටහිර රටවල් දිගින් දිගටම රුසියාවට එරෙහිව විවිධ පියවර ගනිමින් සිටින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. ඒ කිසිදු උත්සාහයකින් තමන් බිඳකුදු සැළෙන්නේ නැති බවයි රුසියානු නායකයා අවධාරණය කරන්නේ.
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා පැවැත්වීමට බටහිර රටවල් රැසක් මුලින් ඉදිරිපත් වූ නමුත් මේ වනවිට ඔවුන්ට ඒ සියල්ල අමතක වී ඇති බවද පුටින් සඳහන් කරනවා.
පුරසාරම් දෙඩීමෙන් පමණක් නතර නොවී හැකිනම් තමන් සමග මුහුණට මුහුණ සටනට පැමිණෙන්නැයි බටහිර රටවලට අභියෝග කරන රුසියානු නායකයා පවසන්නේ යුද පිටියේදී රුසියාව පරාජය කිරීමට කිසිදු රටකට නොහැකි බවයි. ඕනෑම රටක් සමග කුමන අවස්ථාවක වුවද සටනට පිවිසීමට රුසියාව පසුබට නොවන බවද ඔහු පවසනවා.
පසුගියදා අවසන් වූ ජී-7 සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් සිදුකළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් පුටින් මේ බව සඳහන් කර තිබේ.
UN