පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සංශෝධනය කරන්න  – සජබෙන් ඉල්ලීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ ආර්ථික  ඝාතකයින් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ එහි සභාපතීත්වය සංශෝධනය කරන ලෙස දන්වමින් කතානායකවරයා වෙත ඉල්ලීමක් සිදුකිරිමට සමගි ජනබලවේගය පක්ෂය සුදානම් වේ.

ඒ අනුව අදාළ ඉල්ලීම මීළඟ පාර්ලිමේන්තු සභාවාරයේ දී සිදුකිරීමට පියවර ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය.

“ඒ කණ්ඩායම ම තමා මේ රට බංකොලොත් කළේ. ඒ රජය යටතේ බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහු සමග හිටිය නිලධාරීන්, පී. බී. ජයසුන්දර ලේකම්වරයා, මහ බැංකු අධිපති ලෙස නිවාඩ් කබ්රාල්, ඒ අය තමා ආර්ථික ඝාතකයෝ. ආර්ථික ඝාතකයෝ හොයන්න කමිටුවක් පත්කරලා ඒ කමිටුවේ සභාපති විදියට සාගර කාරියවසම් සහ හිටිය ලොක්කෝ කමිටුවේ පත්කරනවා නම් අපිට විශ්වාස කරන්න පුළුවන් ද? ඒ නිසා ලබන සතියේ පාර්ලිමේන්තුව තියෙන කොට අපි කතානායකගෙන් ඉල්ලීමක් කරනවා මේක වෙනස් කරන්න කියලා. මේක විසඳාගන්න නම් මැතිවරණයක් ඕනේ. එහෙම නැතුව අපි කොච්චර මේ කණ්ඩායම එක්ක උත්සාහ කළත් මේක හරියන්නේ නෑ.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...