ජයගමු ශ්‍රී ලංකා කිලිනොච්චියට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසහන ජූලි 12 සහ 13 දෙදින තුළ කිලිනොච්චිය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩ සටහනේ සමාරාම්භක අංගය ලෙස විගමණික ශ්‍රමිකයන් ඇගයීමට ලක් කරනා '' විගමණික හරසර'' වැඩ සටහන පැවැත්වීමට නියමිතය. ඊට අමතරව විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, පාසැල් උපකරණ සහිත බෑග් ප්‍රධානය කිරීම, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරදෙන ස්මාර්ට් පාසල් පන්තිකාමර සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබාදීම සිදු කෙරෙයි.

තවද, ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා මූල්‍ය අධාර ලබාදීම, රැකියා සඳහා විදෙශගතවීමේදී වැඩිම අවස්ථා ගණනක් විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ ලියාපදිංචිවූ ශ්‍රමිකයන්ට වවුචර් පත් පිරිනැමීම මෙහිදී සිදු වෙයි.

රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව සඳහා මග පෙන්වන ''ස්මාර්ට් යූත් ක්ලබ්'' වැඩසටහනද මෙහිදී පැවැත්වෙන අතර එම වැඩසහටන මගින් වෘත්තීය පුහුණුව සඳහා ජනාධිපති අරමුදලින් ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ දැනුවත් කිරිමද සිදුවෙයි.

අවිධිමත් ශ්‍රමිකයන්ගේ වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කරනා ”ගරු සරු” වැඩසහන, මිනිස් ජාවාරම සහ කම්කරු නීතිය පිළිබඳ කෙරෙනා දැනුවත් කිරිම්ද මෙම ”ජයගමු ශ්‍රී ලංකා” වැඩසහටනට යටතේ පැවැත්වෙයි. ඊට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි රැකියා ඒජන්සි 40 ක් පමණ සිය සේවා කවුළු ප්‍රදර්ශණ භූමියේ පවත්වන අතර එමගින් නවතම විදේශ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු රැසක් ලබාගැනිමට හැකි බව අමාත්‍යාංශය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...