*
Friday, May 3, 2024
spot_img

Latest Posts

කෲඩියා සෙලනිකා (Crudia zeylanica) ගස කපලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කිසියම් පිරිසක් විසින්, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව තිබූ කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය කිසියම් පිරිසක් විසින් කපා ඉවත්කර ඇත .

එම ශාකය වඳ වී යාමේ තර්ජනයකට ලක්ව ඇති ශාකයක් බවට පවසමින් , මීට වසර දෙකකට පමණ පෙර මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වුණා.ඒ අනුව එම ගස කපා ඉවත් කිරීමට පරිසරවේදීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා .

ගම්පහ – දාරලුවේ පිහිටි කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයේම තිබියදී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්නේ නම් අමතර වියදමක් ලෙස රුපියල් බිලියන 08ක් පමණ වැය වන බවයි ඇස්තමේන්තු කර තිබුණේ , නමුත්  ඊයේ(11) පස්වරුවේ මෙම ශාකය කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් ගලවා ඉවත් කර ඇත.  අදාළ පිරිස විසින් එය හොර රහසේ රැගෙන යාමටද කටයුතු කර තිබූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan