දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ ඒවා ක්‍රියාත්මක කරන්න ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යුනිසෙෆ් ආයත⁣නයේ ප්‍රධානියා තමා හමු වූ බවත් එහි දී යුනිසෙෆ් ආයතනය විශ්වාස කරන ප්‍රතිපත්ති සහ වැඩසටහන් ඉදිරිපත් කළ බවත් තමා වසර ගණනාවක් පුරා කතා කලේ සහ ක්‍රියාවට නැංවූයේ ඒ ප්‍රතිපත්ති බවට යුනිසෙෆ් ආයත⁣නයේ නියෝජිතයක්ට පැවසූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

සමගි ජනබලවේග රජයක් තුළ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කරන බවත් දරුවන්ගේ අයිතිවාසිකම් ගැන විටින් විට කතා කළත් විධිමත් වැඩසටහනක් නොමැති බවත් දරුවන්ගේ පෝෂණය, අධ්‍යාපනය, ආරක්ෂාව,සමාජ ප්‍රතිපත්ති හරහා නිර්මාණය වන ගැටලු සඳහා කඩිනම් ප්‍රතිචාර ලබා දිමේ ක්ෂේත්‍ර කේන්ද්‍ර කර ගෙන දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරණ බවත් ඒ හරහා දරුවන්ගේ අයිතින් ශක්තිමත් කරන ආරක්ෂා කරන රැකෙන වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කරණ බවත් ප්‍රේමදාස මහතා කියාසිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ, කොළඹ 10, මහා බෝධි විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 308 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

රට පුරා ප්‍රාදේශීය ලේකම් හා උප ලේකම් බලප්‍රදේශ 341 කේන්ද්‍ර කර ගෙන ළමා අයිතිවාසිකම් හා ආරක්ෂක වැඩසටහන් දියත් කරන බවත් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කැපවිය යුතු බවත් ඕනැ එපාකම්වලට සවන් දී ඒ සංවේදී භාවය තුළින් දරු පරපුරේ සුරක්ෂිතභාව තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියාසිටියි.

අද ජන සමාජයේ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ආරක්ෂාවක් නොමැති අතර සමාජ ආරක්ෂණයක්වත් නොමැති නිසා දරුවන් ඉලක්ක කර ගෙන සමාජ ආරක්ෂක වැඩපිළිවෙළක් අවශය බවයි හෙතෙම පවසන්නේ.

ක්‍රමයේ වෙනස මෙය බවත් රාමුවෙන් පිටපැන නව ක්‍රමවේද හරහා රට දැය වෙනුවෙන් යමක් කිිරීම බවත් මෙම වැඩසටහන තුළින් ඉලක්ක වන්නේ රජයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් බවත් විපක්ෂ නායකවරයා කියාසිටියි.

පළමුව අධ්‍යාපනය යන ප්‍රතිපත්තිය ජාතික ප්‍රතිපත්තිය බවට පත් කරමින් ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉහළම තැනට අධ්‍යාපනය පත් කළ යුතු බවත් මේ යටතේ සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...

2026 අයවැයට වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා!

කොළඹ LNW:2026 අයවැය සඳහා වාහන ආනයනකරුවන් විසින් යෝජනා ඉදිරිපත්කර...