මට සමාවෙන්න.පක්ෂයෙන් ඉල්ලපු නිසයි ඔන්ලයින් සේෆ්ටි බිල් එකට විරුද්ධ වුණේ – සජබ මන්ත්‍රී කාවින්ද

Date:

කොළඹ LNW: ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධයෙන් පෞද්ගලිකව වැදගත් බව දුටුවද පක්ෂයෙන් කරන ලද ඉල්ලීමට අනුව එයට විරුද්ධව ජන්දය දුන්නද අද ඒ සම්බන්ධයෙන් කණගාටුවන අතර සමාවද ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

”අද මම ඇත්ත වශයෙන්ම කණගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම සමාව ඉල්ලනවා. ඒ තමයි මේ ගරු සභාවට ඉදිරිපත් වුණා ඔන්ලයින් සේෆ්ටි බිල් එක. ඔන්ලයින් සේෆ්ටි බිල් එක මම පෞද්ගලිකව දැක්කා වැදගත් කියල. හැබැයි අපිට එදා පෙන්නුවේ මහා බිල්ලෙක් විදිහට. මේ ලඟදි මුහුණු පොතේ ගිය අපහාසාත්මක පළකිරීමක් පිළිබඳව පැමිණිල්ලක් දාන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුට කතා කළා ඔන්ලයින් සේෆ්ටි බිල් එක යටතේ මට පැමිණිල්ල දාන්න පුලුවන්ද කියල. ඒ උසස් නිලධාරියා මට කියපු දේ තමයි මන්ත්‍රීතුමා අනිවාර්යෙයන් ඔබට පැමිණිල්ල දාන්න පුළුවන් හැබැයි ඔබතුමා මේකට විරුද්ධ වුණා නේද කියල. ගරු සභාපතිතුමනි,මට ලජ්ජා හිතුනා. මොකද එදා අපිට මේකෙන් බිල්ලෝ මවල පෙන්නුවේ. මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක හරහා අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති වෙනවා අපිට දේශපාලනය කරන්න බැරි වෙනවා. දාන කියන දේවල් වලින් හිරේ විලංගුවේ දානවා කියල. හැබැයි මට ඒ නිලධාරියා පැහැදිලි කළා මේ වෙනකොට තාමත් ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ කමිටි එක පත්කරලා නැහැ කියල. මම ඉල්ලීමක් කරනවා රජයෙන් වහාම මේ ඕන් ලයින් සේෆ්ටි බිල් එකේ කමිටි එක පත් කරන්න. මොකද සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය බොරු ප්‍රකාශ කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ක්‍රියාදාමය ඒ අවශ්‍ය ආයතන වලට අවශ්‍ය පසුබිම හදල දෙන්න ඕනේ. මම කණගාටුවෙනවා මම සමාව ඉල්ලනවා මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට විරුද්ධව ජන්දය ලබා දීම පිළිබඳව. මොකද අපිට පක්ෂයෙන් කරපු ඉල්ලීම මත අපිට ඒක කරන්න වුණා.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...