මහජන ආරක්ෂාව අවිනිශ්චිතයි පොලිසිය කරන්නේ සංදර්ශනයක් – පොලිසියට ඇතුළෙන්ම ප්‍රහාරයක්

මේ වන විට රට තුළ ආරක්ෂාව අවිනිශ්චිත තත්වයක පවතින බවත් පොලිසිය සිදු කරමින් සිටින්නේ හුදු සංදර්ශනයක් පමණක් බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ප්‍රියන්ත ජයකොඩි මහතා 2021 වසරේ විශ්‍රාම යන විට අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

සංවාදයට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ මානසික තත්වය සහ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි කණගාටුවක් ඇතිවන බවයි.

පසුගියදා ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමට අදාළව මාධ්‍ය ඉදිරිපිටදී සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේ සිදුවීම තමන් කිසිසේත් අනුමත නොකරන බවයි.

එය බරපතළ ප්‍රතිවිපාක ඇති වීම සඳහා හේතුවක් විය හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...