මන්දිරේ ආතල් එකේ දේශපාලන සෞන්දර්යය

Date:

සට සට ගාලා අප්සයිඩ් ඩවුන් වුණ  වීක් එකක්. සෝ සිස්ටර්ස් ඇන්ඩ් බ්‍රදර්ස් මේ වෙද්දි ඔලුවෙ තියෙන්නෙ ප්‍රශ්න දෙකයි. වට් විල් හැපන් ? ඇන්ඩ් , වට් ගොන්න බී හැපන්? ඒ ගැන baltimoraට  අයිඩියා එකක් තියෙනවා. ඒක එහෙම තියෙද්දි වෙච්ච දේ ගැන යමක් කියන්නත් baltimoreට තියෙනවා.

අපි ඉන්නෙ හයිපර් ප්‍රොටෙස්ට් එකක ක්ලයිමැක්ස් එකක් බලාපොරොත්තුවෙන්. ඕල්මෝස්ට් ත්‍රී මන්ස් වගේ ලොකු කාලයක් එකම විදියට මේක අල්ලගෙන හිටපු ඩයි හාඩ් බ්‍රෝලා සිස්ලා වැඩේ ඇතුළෙ හිටියා. තාමත් ඉන්නව. උන්ට එකෙම්ම සැලියුට්.

ඒව එහෙම වෙද්දි මේව මෙහෙම වුණා කියලා කියන්න baltimoraට ඕනෙ. 

ජූලි නවය දැනටමත් ශ්‍රී ලංකන් හිස්ට්‍රියේ ඩිවයින් ඩේ එකක් වෙලා ඉවරයි. පිස්සු කොර වෙන්න මිනිස්සු සූ සූ ගාලා ගෝල්ෆේස්  හවුස්ෆුල් කළා. එලෝ මෙලෝ නැතුව කෑගැහුවා. පිරිස් බලේ පෙන්නුවා. කාටද? ටු ද ඕල් පොලිටීශියන්ස් හූ ඩිසර්ව් ටු ගො බැක් හෝම්. ‍ඊට පස්සෙ මොකෝ උනේ? ලොකු ලොකු අය හිටපු ලොකු ලොකු තැන් වගයක් මිනිස්සු අල්ල ගත්තා. තනිකර ඇක්ශන් ත්‍රිලර් මූවි එකක් එදා ලයිව් කාස්ට් උනා. 

කට්ටියක් රජගෙයි කුස්සියේ උයනවා, අතුගානවා, ඇඳක සෝෆා එහෙක නැප් එකක් දානවා, තව එකෙක් ජොයින්‍ට් එකක් ගහනවා, පූල් එකේ බාත්රූම් එකේ නානවා. එච්චරද? නෑ.  මේ මයින්ඩ්ලස් පොලිටික්කො කරපු යූස්ලස් වැඩ සාකැස්ටික් විදියට රඟපානවා ෆොටෝ ගහනවා ඒ මදිවට බුකියට අප්ලෝඩ් කරනවා. ආතල් කෝටියයි දසම පහයි. 

එක පැත්තකින් පියානෝවක් ප්ලේ වෙන සද්දෙ ඇහෙනවා. මිනිස්සු වට වෙලා තාල අල්ලනවා. ඒක දකිද්දි baltimoraට ‘ටයිටැනික්’ මූවි එක මතක් වෙනවා. උන් නැව ගිලෙන්න යන වේදනාවට වයලීන් ගහද්දි අපේ උන් ගිලෙන නැව ගොඩ අරගෙන සතුටට පියානෝව ගහනවා. අපේ උන් පට්ට නැද්ද? 

ඔව්, මේව ඔක්කොම පබ්ලික් ප්‍රොපර්ටි තමයි. අපිම විනාස කළොත් ඒ අපේම සල්ලි තමයි. හැබැයි මේ ඔක්කොම ක්‍රිටිසිසම්ස් සෙකන්ඩ් වෙනවා රියල් මිනිස් නේචර් එකට. ඇයි එහෙම කියන්නෙ? මිනිස්සු කියන්නෙ මිනිස්සු. උන් ඔක්කොම එක වගේ නෑ. මාස ගානක් ගෝල්ෆේස් ලැග්ග මිනිස්සු බාල් නැටුවෙ නෑ. උන් කොදු කඩාගෙන උගුරෙ පොට යවාගෙන කෑගැහුවා. මේක තමා රියැලිටි එක. මිනිස්සුන්ගෙ නේචර් එක. ඉන්ටර්ලෙක්චුවල් පීපල්ලට හර්ට් උනා නං සොරි වෙන්ඩෝනෙ. 

හානි කරන එක එකෙම්ම වැරදි. දිගටම එහෙම වෙන්න දෙන එක අපි අත් දෙකම උස්සල වැරැදි බව කියනවා.  මිනිස්සු ,ඒ ගෙවල් අස්සෙ සැනකෙළි දැම්ම එක ඒ මොහොතේ ඉනසන්ට් හැපිනස් එකක් විදියට බාර ගමු කියලත් කියනවා. අරගල කියන්නෙ මේ හැමදේම. මෙහෙම මිනිස්සු එක්ක රටක් හදන්න බෑ කියන බ්‍රෝලට සිස්ලට කියන්න කැමති , රටක් කියන්නෙ මිනිස්සු. මිනිස්සු කියන්නෙ මේ හැමදේම . ලීඩර්ශිප් කියන්නෙ මේ ඔක්කොම මැනේජ් කර ගන්න එක. ඇටිටුයඩ්  වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ එහෙමයි. රිජෙක්ට් කරලා නෙවේ. අරගල අස්සෙ ආතල් සිද්ධි තිබුණට ආතල් එකට කවුරුවත් අරගල කරන්නෑ බ්‍රෝ!

ඕකේ දෙන්, ෆීලීන් හැපි වෙන හෙටකට ජය වේවා !

BALTIMORA 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...