රනිල් ආවත් සජිත් ආවත් අගමැති ෆොනී !!

Date:

මීළඟ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් කවුරුන් ජයග්‍රහණය කළත් අග්‍රාමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිවනු ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

ජුලි 20 ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයට සටන පවතිනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහාය වික්‍රමසිංහ මහතාට ලැබී ඇති හෙයින් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගත හැකිවුවත් පාර්ලිමේන්තුවට පිටතින් පවතින අරගලය සමග සමාදානයක් ඇතිකර ගැනීමට ඒ මහතාට නොහැකි නිසා ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍ය ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට වික්‍රමසිංහ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව සඳහන්.

සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් සහ හිතවතුන් මුල පටන්ම අරගලය තුළ පාර්ශ්ව කිහිපයක් වශයෙන් නියෝජනය කිරීම නිසාත් ජුලි 09 අරගලය උච්ඡතම අවස්ථාවේ පවතිද්දී පවා ඒ මැදටම ගොස් ඔවුන්ව ඇමතීමටත් ඔවුන්ගෙන් ඉහළම ප්‍රතිචාර ලැබීමටත් හැකිවූ එකම ජාතික මට්ටමේ දේශපාලනඥයා වීම නිසාත් අද (13) දිනයේ පවා අරගලයේ ඉදිරි පෙළම රැඳෙමින් ෆොන්සේකා මහතා කටයුතු කිරීම නිසාත් මෙන්ම හමුදාව තුළ ෆොන්සේකා මහතාට පවතින ඉහළ පක්ෂපාතීත්ව නිසාත් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම රාජපක්ෂවරුන් සහ ෆොන්සේකා අතර පැවති ගැටුම මීට කලකට පෙරම අවසන්ව තිබීම නිසාත් පසුගිය මැයි මාසයේදීත් අගමැති ධුරය භාරගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාම ඔහුගෙන් ඉල්ලා තිබුණු නිසාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වනු ඇති බවත් වාර්තා විය.

මීට ප්‍රතිපක්ෂ ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වුවත් ඔහුගේ පක්ෂය වන සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට මේ වනවිටත් එම පක්ෂය තුළින් ද යෝජනාව ඉදිරිපත්ව ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මීළඟ ජනාධිපතිවරයාට ආර්ථිකය සහ ජාත්‍යන්තර සබඳතා යන විෂයයන් පැවරෙනු ඇති අතර අග්‍රාමාත්‍යවරයාට ජාතික ආරක්ෂාව සහ නීතිය හා සාමය යන විෂයයන් පැවරෙනු ඇත.

මේ මොහොත වනවිට රටේ පවතින තත්වය හමුවේ අග්‍රාමාත්‍ය ධුරය සරත් ෆොන්සේකා මහතාට පැවරීම ප්‍රශස්තතම විසඳුමක් වශයෙන් මධ්‍යස්ථ දේශපාලන විචාරකයින් ද දෙපාර්ශ්වයම හමුවේ අදහස් දක්වා ඇති බවත් වාර්තා විය.

ඒ අනුව මේ වනවිට අරගලයේ දේශපාලන පීතෲත්වය සරත් ෆොන්සේකා මහතා සතුවෙමින් පවතින බවක් ද පෙනේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...