ඉල්ලා අස්වීමේ ලියුම මන්ද පමා ? හේතුව හෙළිවෙයි …

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13) අළුයම මෙරටින් පිටව මාලදිවයින කරා ගිය අතර එතැනින් ඒ මහතා මුලින්ම යාමට උත්සාහ දරා තිබුණේ ඩුබායි රාජ්‍යය කරා ය.

නමුත් ඩුබායි රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින් අතිවිශාල සංඛ්‍යාවක් සේවය කරන නිසා ඔවුන් අතර යම් කැළඹීමක් මතුව විරෝධතා උද්ඝෝෂණ පැනනැඟීමේ අවදානම හේතුවෙන් ඩුබායි බලධාරීන් ඒ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

ඉන් අනතුරුව ඒ මහතා සිංගප්පූරුව කරා යාමට උත්සාහ දරා තිබුණු අතර ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාගැනීමට සාකච්ඡා කිරීමටත් යම් සැලකිය යුතු කාලයක් ගතව තිබුණු බව සඳහන්.

යම් පුද්ගලයකු යම් රටකට ඇතුළු වීමට යාමේදී ආගමන විගමන අංශයේදී ප්‍රතික්ෂේප කිරීමක් සිදුවුවහොත් ආගමන විගමන නීති අනුව සිදුකෙරෙන්නේ එම පුද්ගලයාව ඔහු පුරවැසිභාවය දරණ රටට පිටුවහල් කිරීමයි. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එවැන්නක් සිදුවිණි නම් ඔහුට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවන්නේ සාමාන්‍ය පුරවැසියකු වශයෙනි. නමුත් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී නොසිටියේ නම් ආපසු හරවා එව්වත් ඔහුට ජනාධිපතිවරයා වශයෙන් මුක්තිය සහ වරප්‍රසාද සහිතව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රමාද වන්නේ මෙම නීතිමය සහ තාක්ෂණික කරුණු මත පදනම්ව ය.

ඒ අනුව ඒ මහතා සිංගප්පූරුවට ඇතුළු වී එහි ස්ථාවර වූ පසුව ඒ මහතා විසින් සිය ඉල්ලා අස්වීම නිවේදනය කෙරෙනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...