සරත් වීරවංශ රිමාන්ඩ්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සොයුරු සරත් වීරවංශ ජුලි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා ඊයේ (15) නියෝග කළේය.

ඒ, විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයක් දැරූ සමයේ රජයේ වාහන 40ක් අවභාවිතා කළ බව කියන සිද්ධියේ සැකකරුවකු වශයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මෙම සිද්ධියට අදාළව සරත් වීරවංශ සැකකරුවකු වශයෙන් නම්කරන බව මීට පෙර නඩුවාරයේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබිණි.

ඔහු පානදුර ප්‍රදේශයේ තමන්ට අයත් නිවසක සිටින බවට නිලධාරින්ට ලැබී තිබූ තොරතුරකට අනුව එහි ගිය ද එම අවස්ථාවේදී සරත් වීරවංශ මහතා එහි සිට නොමැති අතර ඊයේ දිනයේදී ඔහු ගම්පහ ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් අනුව එහි ගොස් මෙසේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...