කොළඹින් කෝට්ටේට විතැන් වෙන ප්‍රධාන ආයතන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, නිමේෂ් හේරත් මහතා සඳහන් කරන ආකාරයට , කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු  පරිපාලන ගොඩනැගිලි, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට ගෙන යාමට අදාළ ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇත.

ඒ අනුව ,  ජනාධිපති මන්දිරයට අමතරව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය යන ආයතන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආශ්‍රිතව ස්ථානගත කිරීමට සැලසුම් කරමින් ඇති බව පැවසේ.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ, ඊට අදාළ ආරක්ෂක තත්ත්ව  වාර්තා ද සලකා බලමින් සිටින අතර, කොළඹ නගරයේ පිහිටි වාණිජ වටිනාකමක් ඇති පෞරාණික ගොඩනැගිලි සංචාරක ආකර්ෂණිය ස්ථාන ලෙස සංවර්ධන කිරීමේ අරමුණින් මේ ව්‍යාපෘතිය සිදුවන බවයි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ , මෙම කටයුත්ත සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් සමග සාකච්ජා වට කිහිපයක් පැවැත්වා ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...